IMG-LOGO

අක්කා නගෝ ගින්නකට දැවේ

(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)

යාපනය ,කයිට්ස්,ශාන්ත මේරි මාවතේ නිවසක ගින්නකින් පිළිස්සි මියගිය වයෝවෘද ෙ සහෝදරියන් දෙදෙ‍ෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි.

පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදි ගින්නකට හසුව සිය නිවස තුළ මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවු බව පොලිසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් හා 74 ක් වන කාන්තාවන් දෙදෙනකු වන බවට අනාවරණය වි ඇති අතර, මියගිය කාන්තාවන් දෙදෙනා අදාළ නිවසේ තනිව වාසය කොට ඇති බව පොලිසිය පැවසූහ.

මියගිය එක් කාන්තාවක් විවාහ වි සිට ඇති අතර, ඇයගේ ස්වාමියා හා දරුවාද මියයාමෙන් අනතුරු අදාළ කාන්තාව සිය සහෝදරිය සමඟ ජිවත්ව ඇති බවට අනාවරණයවූ බවත් කීය.

සිරුරු අසල පිළිස්සුනු ගිනිපෙට්ටියක්ද තිබී ඇති අතර මෙය ඝාතනයක්ද නැති නම් වෙනත් කාරණාවක්ද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මළ සිරුරු යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ(26) දිනයේ පැවැත්වීමට නියමිත බවයි.

 



අදහස් (1)

අක්කා නගෝ ගින්නකට දැවේ

Santhu Sunday, 26 February 2023 03:07 PM

මෙවන් වයෝවෘද්ධ අය මෙසේ මිය යන්නෑ. නිකම් මේ පවුලේ ආරවුලක් වෙන්න ඇති මේ කාලයේ තියෙන සොච්චමටත් මරනවානේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site