
(නිමල කොඩිතුවක්කු)
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය.
මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගෙන් ඉල්ලා සිටියේය.
එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය.
මේ අවස්ථාව සදහා එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මියගේ පෞද්ගලික ලේකම් රොබ් කෝර්, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, යන මහත්වරු එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේ වුණාට ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඕනේ සජිත් එක්ක කතා කරනවා නම්.
අම්මෝ සාක්කුවේ ලොකු එකපාර කෝටි 93ක්ම දාගන්න පුලුවන්..