
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණ පීඨය මුළුමනින්ම මිලිටරිකරණයට ලක්ව ඇති බවත් වහාම පරිපාලනය වෙනස්කොට ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඉල්ලා NDT ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ පන්දම් විරෝධතාවයක් හෝමාගම දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටදී ඊයේ (18) දා රාත්‍රී පැවැත්වුණි.
එහිදී සිසුන් 700 පමණ පිරිසක් දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටට පැමිණ පන්දම් දල්වා විරෝධතා පාඨ කියමින් පැය එක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත විය.
සිය උපාධිය කඩිනම් කරනු, සිසු අයිතීන් තහවුරු කරනු, NDT වනසන හමුදා අධ්‍යක්ෂක වහා ඉවත් කරනු, වත්මන් පරිපාලනය විසින් මේ වනවිට ශිෂ්‍යයන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම් ඉවත් කරනු , විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන මිලිටරි පාලනය හෙළා දකිමු, අධ්‍යක්ෂකවරයා විසින් සිසුන්ගේ අධ්‍යාපනයේ නිදහසට දිගින් දිගටම එල්ල කරන බාධා කිරීම් වහා නවත්වනු , වත්මන් ඩිප්ලෝමාව උපාධියක් දක්වා වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරනු’ යනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් විය.
මිට පෙර අවස්ථා දෙකකදී මෙසේ විරෝධතා පැවති අතර ඊට පරිපාලනයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම විරෝධතාවය සංවිධානය කළ බව සිසුහු පැවසූහ.

2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
NDT සිසුන් පන්දම් විරෝධයේ
කෝරලගේ Friday, 19 September 2025 11:40 AM
මෙම එන්ඩිටි ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව පටන් ගත්දා සිටන් අප රටේ කාර්මික ඉංජිනේරු වෘත්තීයන්ට අවශ්‍ය හිඩැස පුරවමින් විශාල දායකත්වයක් දෙමින් රටේ දියුණුවට නියැලෙමින් සහ විදෙස් ගතවද ඉතාම ඉහළ තනතුරු දරමින් කීර්තිමත් නාමයක් රටට ලබාදෙයි. එනිසා මෙම එන්ඩිටි ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව රැක ගැනීම රටට අවශ්‍ය මහඟු දෙයක් බව එක හෙළාම කිව යුතුය.
aka Friday, 19 September 2025 12:27 PM
මේ යක්කු ඔවුන්ගේ ජූනියර්ලාට රැග් කරද්දී නම් ඔය මිලිටරිකරණ සීන් නෑ...
KhcFriday, 19 September 2025 01:47 PM
ඔයාට රැග් කරාද NDT අය. දන්න දෙයක් කියන්න. වෙලා තියෙන දේවල් හරියට දන්නේ නැතුව. නිකන් බොරු කතා කියන්නේ නැතුව ඉන්න.
tissa Friday, 19 September 2025 03:21 PM
ඔය ඉල්ලන්නේ කියන්නේ නවක වදය දීමට ඇති අයිතියද?