
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (23) මෙරට සංචාරය අවසන් කළ බවත් පැවැති සාකච්ඡාවලදී හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිමට නොහැකි වූ බවත් එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් මෙරටට ලබාදී ඇති හත්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණාත්මක සහ ව්‍යූහාත්මක ඉලක්ක සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසා සිටියේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් පැමිණීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd