
(ගයාන් සූරියආරච්චි)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තේය.
ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
හිටපු අමාත්‍යවරයා අද පෙරවරු 10.45 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර පස්වරු 12.15 ට පමණ ඉන් පිටව ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවට පැමිණ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වාචාල තුම්මුල්ලේ විමලේ CID එක නිදහස් කළාද? එතනට ගියේ, ඇඳුම් බෑග් එකත්, පැදුරක් සහ කොට්ටයක් අරගෙන බවත් දුටු අය කියනවා. ඒවායේ ඇත්ත නැත්ත කියන්න නම් අපි දන්නේ නෑ.
හිරේට යවන්නයි වටින්නේ. ඒ තරමටම බොරු බේගල් ඇද බාපු එකෙක්...
මාළුවා නහින්නේ කට හින්දා කියලා කියනවා... ඒ වගේ තමයි මෙයා නහින්නෙත් කට හින්දා..
මාලිමාවට විරුද්ධව කතා කළොත් CID යන්න වෙනවා. අන්න ඒකයි ජෙප්පන්ගෙ පෙජාතන්තරේ....
මෙයාව කෙළින්ම ඇතුළටදාන්න ඕනෙ කෙනෙක්... රටකට වගතුවක් නෑ මේ වගේ අය...