
(ඩයනා උදයංගනී)
මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,500ක් සහභාගී වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
යුද හමුදා සාමාජිකයන් 3463 ක්, නාවික හමුදා සාමාජිකයන් 919 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 804 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 282 ක්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායෙන් 259ක් මේ සඳහා සහභාගී වන බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.
ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ 74 වැනි නිදහස් දින සැමරුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සංස්කෘතික සංදර්ශනයක් ද මෙම අභිමානවත් පෙළපාලියට ඇතුළත් වන බව ආරක්‍ෂක ලේකම්වරයා කීවේය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසුවේ නිදහස් දින සැමරුම් පෙළපාලියට යුද හමුදා සන්නද්ධ රථ 111ක් ද ඇතුළත් බවයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මෙහිදී පැවසුවේ නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව මගින් චාරිත්‍රානුකූලව පවත්වන ආචාර වෙඩිමුර 25 මෙවර නාවික හමුදාවට අයත්, ‘ගජබාහු’ නෞකාවේ සිට පැවැත්වෙන බවත්, නිදහස් දින දහවල් 12.00ට ගාලු මුවදොර ආසන්න මුහුදු සීමාවේදී එය දැකගත හැකි බවත්ය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අදහස් දක්වමින් පැවසුවේ නිදහස් දින ආචාර පෙළපාලියට සමගාමීව උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා 26ක් හා නියමුවන් 50ක් ඉදිරිපත් සහභාගී වන ගුවන් යානා පෙළපාලියක් ද පැවැත්වෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ විරුවන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? විරුවන්ට මොකක් වුණත් කමක් නැද්ද?
අර රටවිරුවන්ට වගේ මේ විරුවන්ටත් හෙණ ගැහිලා ගියත් කමක් නැහැ... අර උතුරු කොරියාවේ වගේ අපිත් යුද පෙළපාලි පෙන්වමු...
අර බිත්තර ගහන්න යවපු වගේ උන් ද?
ලංකාව පුරාම නිදහස් දිනය උත්කර්ශවත්ව පැවැත්විය යුතුයි.
අර පාස්කු බෝම්බයට ඔය කියන විරුවොත් සම්බන්ධයි නේද? එයාලති විරුවොද?
ඉස්සර ඉඳන්ම කොළඹ පාරවල් වහලා මිනිස්සුන්ට හරි කරදරයි ඔය වැඩේ. බත්තරමුල්ල හරි, හම්බන්තොට හරි තියා ගන්නකෝ ඕක. ලබපු නිදහස උතුම්. ඒකෙ කතා දෙකක් නෑ. නමුත් නිදහස සමරන්න මාස ගනන් පාරවල් වහලා මාර්ග තදබදය උත්සන්න වෙන වැඩ කිරීම අනුමත කරන්න බැහැ. බුද්ධිය පාවිච්චි කරන්න, හැඟීම් වලට වහල් නොවී.
කාගේ නිදහසද ඔය සමරන්නේ?