
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වයස 55 පිරුණු කැමති ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලබන මස විශ්‍රාම යෑමට නියමිතව සිටි රජයේ සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා වැඩිකිරීමට ගත් තීරණය හේතුවෙන් යම් කුතුහලයකින් පසුවන හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි විජිත හේරත් මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
රජයේ සේවකයන් විශ්‍රාම යා හැකි උපරිම වයස 65දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතත් එය හැට තුනක් දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යන බවට ආරංචි ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 55 සම්පුර්ණ රජයේ සේවකයින්ට මේ දක්වාත් විශ්‍රාම ගන්න පුළුවන්නේ...
ඔහේ කවද්ද විශ්‍රාම යන්නේ? ගේ වටේ තියෙන තාප්පෙ දැක්කාම පේනවා මනුස්සයා කොහොම හම්බ කරලා ඇද්ද කියලා...
55න් යන්න පුළුවන්.. හැබැයි පෙන්ෂන් ගෙවන්නේ 60 ඉඳලද දන්නෑ...
ඔන්න තවත් රිවස් එකක්. දිනපතා අපිට අහන්න තියන්නේ රිවස්. ඉතින් සර් ෆේල් කියන එක බොරුද?
දියවන්නාවේ ඉන්න දුෂිත දේසපාලුවන් කවද්ද විශ්‍රාම යන්නේ...? ඉවසිල්ලක් නැතුව ඉන්නේ...