IMG-LOGO

43 සේනාංකයේ පා ගමන 43කින් ආරම්භ වෙයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

43වැනි සේනාංකය යන දේශපාලන කණ්ඩායම  සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක්  මොරටුව දිගල්ල පාලම අසලින් ආරම්භ විය.

මෙම විරෝධතා පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කෙරෙන අතර කළු පැහැති ඇඳුමෙන් සැරසුණු තරුණ තරුණියන් හතළිස් තුන් දෙනකු මෙම පා ගමනට ආරම්භයේ එක්ව සිටියහ.

මෙම පා ගමනට බෙලෙක්කඩේ හන්දිය, ගල්කිස්ස,දෙහිවල ,වැල්ලවත්ත කොම්පඤ්ඤ වීදිය කොටුව යන ප්‍රදේශවලින් තරුණ තරුණියන් 43 කණ්ඩායම් එක් වීමට නියමිත අතර ලංකාවේ මේ වන විට උද්ගතවී ඇති ආර්ථික ගැටළු විසඳීමට නොහැකි ආණ්ඩුව ගෙදර යැවීමට බල කිරීමේ අරමුණෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි.


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

43 සේනාංකයේ පා ගමන 43කින් ආරම්භ වෙයි

pakeer Friday, 25 March 2022 11:06 AM

පළමුවැනි වෙඩි මුරය පුරන් අප්පුගේ ගමෙන්...!

:       10       23

Vajira Fernando Friday, 25 March 2022 12:54 PM

මේ හුදෙකලා අරගලවලින් වැඩක් නෑ. ජාතික ජන බලවේගයට එකතු වෙන්න.

:       24       26

Udaya Champika Friday, 25 March 2022 02:38 PM

43 ම ජාමෙ බේරාගෙන... 4, 3=7 යි කියලා හත් දෙනෙක් ගියා නම් තවත් හොඳයි...

:       4       10

Jagath Friday, 25 March 2022 03:23 PM

ඇයි මේ විදිහට බෙදෙන්නේ? එකතු වෙන්න ජාතික ජන බලවේගයට...!

:       7       5

siri Friday, 25 March 2022 05:00 PM

මේ ගොල්ලොත් විහාර මහාදේවී උද්‍යානයට එනවා කියන්නේ ඇත්තද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site