(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සීමාව තුළ සිටින සියලුම අනවසර පදික වෙළදුන් දෙසැම්බර් මස 31 වැනි දිනයෙන් පසු ඉවත් කිරීමට පියවර ගන්නා බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉකුත් ජුනි මාසයේදී සභා සම්මත කරන ලද තීරණයකට අනුව පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී එම පදික වෙළඳුන්ගේ ඉල්ලීම මත දෙසැම්බර් මස 31 වැනි දින දක්වා එම වෙළෙඳුන්ට සානුකම්පිත හේතුන් මත ඔවුන්ට කල් දී තිබූ බවයි.
නගරයේ පදික වෙළඳාමේ යෙදෙන බොහෝ වෙළඳුන්ට ඉන් ඉවත්වීම සඳහා විකල්ප ස්ථාන ලබා දුන්නද එය තිබියදීම ඔවුන් නැවතත් පදික වෙළඳාමට යොමු වන බවටද නගරාධිපතිවරයා චෝදනා කළේය.
මෙම තීරණය කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්නා බව සඳහන් කළ නගරාධිපතිවරයා නගර සභාව, පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා ජාතික ජනබල වේගයට හිමි බැවින් ගන්නා කිසිදු තීරණයක් ආපස්සට ගැනීමට අවශ්‍ය නොවන බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
629
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
31 සිට මහනුවර පදික වෙළඳාම තහනම්
Chandana F Sunday, 28 December 2025 01:41 PM
අනිවාර්යයෙන්ම විය යුත්තක්..
Saman Sunday, 28 December 2025 05:05 PM
පිටකොටුවෙත් කරන්න.
චන්දන Sunday, 28 December 2025 05:24 PM
නියමයි කරන්න රට හරිමගට ගන්න...
Hemantha Sunday, 28 December 2025 06:30 PM
මේක හොද වැඩක්. රථවාහනවලට, මගීන්ට, සංචාරකයින්ට පහසුවක්... නමුත් දුරත් නොවන, පදික වේදිකාවත් නොවන පහසුවෙන් පාරිභෝගිකයින්ට ළගා විය හැකි වෙළද කලාපයක් වහාම ලබාදෙන්න.
tissaSunday, 28 December 2025 07:49 PM
එහෙම දෙයකට මහනුවර ඉඩ තියෙනවද?