(මුදිතා දයානන්ද)
එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.
එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ මේවා ලොකු වට්ටමක් එක්ක සංස්ථාවේ ලොකු ලොක්කේ හිටු කියල ගන්න ඇති. අනේ අපිටත් කියන්නකො ඔය බෙහෙතෙ නම.
මේ වගේ අපරාද රන අයට මරණ දඬුවමවත් නොදුන්නොත් මේ රට හදන්න බැරිවෙයි. රටක් බංකොළොත් උනාම දුක් විදින්නේ රටේ ජනතාව.
කණගාටුවට කරුණ මේවා හොයා ගත්තත් මේ වැරදි කරපු බලධාරියෝ කාටවත් දඬුවම් නම් ලැබෙන්නේ නැහැ.
ඇස්තමේන්තු හැදුවට ලෝක වෙළඳපොලේ විකුණන ගානට එපැයි ගන්න.
මොන ඇස්තමේන්තු හැදුවත් වෙළෙඳපොලේ තියෙන ගානට නේ ගන්න වෙන්නේ.?
මෙම වංචාව සිදුව ඇත්තේ මොන අවුරුද්දෙද?
රට බංකෙලොත් වෙන එක අහන්නත් දෙයද?. මෙවට වග කිව යුත්තන්ට කවදාවත් ලංකාවෙනම් දඩුවමක් විදින්න වෙන්නෙ නැහැ.
මේවා දකිද්දී ලංකාවට අඩු දැන් මෙවැනි බෙහෙත් විතරමද කියලා හිතෙනවා.
ලිංගික උත්තේජනය, මෙහෙ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා මුන්ට ලිංගික උත්තේජනය ලොකු වෙලා ඒ මදිවට එකෙනුත් ගසා කනවා.
මොනවටද මෙ බෙහෙත් ඉස්පිරිතාලවලට ? කාගෙ ලිංගික උත්තෙජනය ඇතිකරන්නඩ ? ලෙඩ්ඩුන්ට නම් වෙන්න බැහැ. එකත් සොයල බලන්න ඔනෙ.
හැමතැනම හොරකම. මේවා හොයා ගත්තට කිසිවෙකුටත් දඬුවම් ලැබෙන්නෙ නැති නිසා ඕනම කෙනෙක් හොරකම් කරන්න බය නෑ. අහෝ අපේ මව් බිම !!
ලිංගික උත්තේන ඇර වෙන බෙහෙත් මොකුත්ම නැද්ද ලංකාවට ගන්න?
මේ කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ... ඒකටම ගැලපෙන නිලධාරීන් සෙට් එකකුත්...
මෙය 2019 දෙසැම්බර් 30 දින ඇණවුමකට අනුව 2020 ජුනි මස 30 දින ප්‍රසම්පාදන කමිටු තීරණයකට අනුව මිලදී ගැනීම් කළ එකකි. සැපයුම්කරු සජබ කුරුණෑගල මන්ත්‍රීවරයකුගේ පුතෙකි...
රුපියල් බිලියන බර ගානක් තියෙන health budget එකෙන් 50% යන්නේ හොරා කන්න කියලා තමා හැමෝම කියන්නේ. ඔකේ ඉන්න උන් ට බෙහෙත් නැතිව ,උපකරණ නැතිව මැරෙන දුක් විඳින හැම මනුස්සයෙක්ම ගානේ හෙන ඉල්ලන්න ඕනේ නිදහස් සෞඛ්‍ය පහසුකම මිනිස්සුන්ට නොදී, ඒවාට වෙන්කරන මුදල් වලින් සවාරි යන, නැවු ගන්න , ආතල් ගන්න ඇමතිලා, ඩොකාල ,සෞඛ්ය දෙපාර්තමේන්තුවේ purchasing කරන උන්. හරියට උපකරණ maintain නොකර අවුරුද්දෙන් දෙකෙන් අලුතෙන් ගන්න වෙන විදියට ඒවා විනාශ කරන හෝ විනාශ වුන විදියට අයින් කරන උන් ට පවා මේ කියමන අදාලයි
ව්‍යවස්ථාදායකය හා විධායකය හැරෙනවිට අනෙක් ආයතනයේ අයට මෙහෙම දේවල් සඳහා මොකවත් කරන්න බැරිද? සමහර වෙලාවට වෙනත් රටවල එහෙම දේවල් වෙනවා කියන පුවත් අහන්න ලැබෙනවා. ඇත්තටම ලංකාවේ එහෙම දේවල් නැත්තේ ඇයි?
ඇස්තමේන්තු කළ මිලට සැපයුම්කරුවො කවුරුවත් දෙන්නේ නැත්නම් මිල වැඩි වෙලා නම් බෙහෙත ඕනත් නම් මොකද කරන්න ඕන?
මේවා ගහල තමා ආයෙත් මහජනයාට දෙන්නේ...
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව?
60 පැනපු වයසක උන්දෑලාට පුරුෂ ශක්තිය වැඩි වෙන්න දෙන එන්නතක් වෙන්නැති...
මල්ලි රජයේ සේවකයෝ තමයි හොඳටම කරලා තියෙන්නේ..!