(අජන්ත කුමාර අගලකඩ)
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර,එම තත්ත්වය තුළ කෙටුම්පත සම්මත කර ගැනීම ගැටළුවක් වී ඇතැයි පැවසේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත්,අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.
එහි විශේෂත්වය වන්නේ එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් නොදැක්ව බවද දැනගන්නට ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.
මෙම පනත් කෙටුම්පත ඉකුත් 06 සහ 07දෙදින විවාදකර සම්මත කර ගැනීමට මුලින් දින වෙන් කරගෙන තිබුණද ඇතිව තිබෙන විරෝධය හමුවේ එය ලබන සතියට කල් දමනු ලැබීය
එය ලබන සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීම මේ තත්ත්වය තුළ ගැටළුකාරී වී ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සම්මත වුණේ නැත්තං අපිට මොකක්ද වෙන්නේ? බඩගින්නේ මැරෙන්න වෙයිද?
පරිප්පුව මදි වගේ.. බඩට දැනිලා නෑ...!
රනිල්ට පින් ජනාධිපතිකම දුන්නේ ආණ්ඩුක්‍රමයේ වෙනස් කරන්න නැතිනම් ආර්ථිකය ගොඩගන්නද? නටන්න බැරි එකා පොළවේ ඇද කිය කියා ඉන්නවා වගේ වැඩක්නේ මේක..! එයා මේ හදන්නේ ඡන්දෙකට කළින් යාවජීව ජනාධිපති වෙන්න ජනතාව පත්කරපු නියෝජිතයින් කොන්ට්‍රෝල් කරන ක්‍රමයක් හදාගන්න...
පොහොට්ටුවේ අය කියන්නේ සැබෑම කාලකන්නි ජාතියක්...!
පොහොට්ටුවේ ඉන්න එවුවොන්ට රටට හෙණ ගැහුවත් කමක් නැහැ. මේ කාලකන්නි ඉන්නකම් රටට අබ සරණයි.