(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය නොකළහොත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසක් පෙත්සමක් අත්සන් කර ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.
මෙසේ පෙත්සම අස්සන් කරගෙන යන මන්ත්‍රිවරුන් කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද විපක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළත් වෙති.
මෙම මන්ත්‍රීවරුන් එම පෙත්සම අත්සන් කරමින් ඉල්ලා සිටින්නේ වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය වසර හතරහමාරක් දක්වා වෙනස් කළ යුතු බවයි.
මේ අතර විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට පැවරෙන බලය පිළිබඳ වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක්ද මේ වනවිට හටගෙන ඇත.
පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීම විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත්ව පැවතුණ වගන්තියකි.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
එම පනත් කෙටුම්පත නුදුරේදීම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙ විශ්‍රාම වැටුප අහෝසි කිරිම මගින් මැතිසබයේ හුඟක් ප්‍රශ්න විසඳගන්න පුලුවන්. ඒ වෙනුවෙන් මේ වෙලාවෙ ජනතාව යම් බලයක් යෙදිය යුතුයි. කෙසේවෙතත් ජනාධිපතිට වසර 2,1/2 කින් පාර්ලිමේන්තව විසුරුවා හැරීමට ඇති බලය අහෝසි කලයුතු අතර ඊළඟ මැතිවරණය පවත්වන කාලපරාසයක් (වසර 5 සම්පුර්ණ වූ පසු) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුය. නැතහොත් ජනාධිපතිගෙ රූකඩයන් බවට (විශේෂයෙන් වසර 5 සම්පුර්ණ නොකර මන්ත්‍රීවරුන්) පත්වේ. අද පාර්ලිමේන්තුවේ ස්වභාවය ඊට හොඳම නිදසුනකි.
පෙන්ෂන් එක නැතිවෙනවට බයයි නේද?
ගොයියෝ බයවෙලා. අවුරුදු දෙකහමාරෙන් නොවෙයි අවුරුද්දෙන් උනත් කමක් නැහැ විසුරවා හරින්න පුළුවන් ආකාරයට සංසෝධනය කරන්න.
මෙසේ විරෝධය දක්වන ලෙස ඉල්ලා ඇත්තේද එකී ලිපිය බාගන්න තැනැත්තා විසින්ම නේද? කාවද මේ මෝඩයෝ කරන්න හදන්නේ?
අවුරුදු 4 1/2ක් අල්ලන් ඉන්නද හදන්නේ? ආයෙමත් කන්න ලැබෙන්නේ නැති බව තේරුණු නිසාද? මොවුන්වද රටේ පාලනයට පත්කරගත්තේ කියලා මේ අයට ඡන්දෙ දීලා කිරිබත් කාපු අය දැන් හොඳවායින් ටොක්කක් රිදෙන්නම ඇනගන්න. ඒක රිදෙන ගානේ කරපු තකතීරු ගොන්කම් මතක්වෙලා මොලේ ටිකක් වැඩකරයි එතකොට...
එදා විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එද්දී මික් ගෑවේ නැති මේ වහල් නඩය අද පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසුරුවා හරින එකට විරුද්ධ වෙන්නේ. ඒ අය මොනවා කිව්වත් පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසුරුවා හරින බලය ජනාධිපතිට තියෙන්න ඕනේ. ඒකට එකඟ නැත්නම් දැන්ම විසුරුවා හැරලා ජන්දෙකට යන්න ඕනේ. පොහොට්ටු මැරයන්ට තවත් බලෙන් නටන්න දෙන්න බෑ.
අවුරුදු 4 1/2ක් හිටියොත් තමයි එක සැරෙන්ම ඔක්කොම ටික හොරාකාලා යන්න පුලුවන්.