
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන විශේෂ පෙත්සම් 37 ක කරුණු දැක්වීම් අද(02) දින මීට ස්වල්ප මෙහොතක පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම අවසන් කෙරිණි.
පෙත්සම් 39 ක් අධිකරණය හමුවේ ගොනු කර තිබුණද මෙම පෙත්සම් කරුණු සලකා බැලීමේ තෙවැනි දිනය වූ අද(02) දිනය වන විටදීත් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් වැසියන් දෙදෙනෙකු ගේ පෙත්සම් දෙකකට අදාළව කතානායකවරයා වෙත නොතිසි ලැබීම හේතුවෙන් එම පෙත්සම් දෙක විභාගයට නොගෙනම ඉවත දැමීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කෙරිණි.
අද (02) පෙරවරුවේ තෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වු අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.
එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 37 වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුනු අතර පනත් කෙටුම්පතට පක්ෂව ගොනු කළ අතර මැදි පෙත්සම්කාර පාර්ශවයන්හි කරුණු දැක්වීම මධ්‍යහ්න 12.30ට ඇරඹිණි.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්. දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න , රංජිත් ධනපාල අබේරත්න , දඩල්ලගේ ටයිටස් පත්මසිරි , ආර් .පත්බේරිය ,එච්.එම්.ඩී බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම පෙනෙන භයානකම දේ තමයි, 20 වෙනි සංශෝධනයේ "මූලික" සැකිල්ල වෙනස් කරන්න තියෙන පුදුම හිතෙන අකමැත්ත... මේ සැකිල්ල මොන විදිහකින්වත් රට වෙනුවෙන් වෙන්න බැහැ. මීට කලිනුත් කිහිප වාරයක් පෙන්නලා දුන්නු විදිහටම 20 වෙනි සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය බලතල ජනාධිපතිවරයාට ලබා ගැනීමත්, ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න දැනට තියෙන ව්‍යවස්ථාවේ සියලු බාධක ඉවත් කිරීමත්, ඒ ගිවිසුමෙන් රට පාවා දෙන පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමත්. උඩරට ගිවිසුම, ජිනීවා ගිවිසුම වගේම රට පාවා දෙන උගුලක් මේක. එම්සීසී ගිවිසුම අත්සන් කරලා ව්‍යවස්ථාව වෙනස් කරන්න අමාරු වෙයි කියලා හිතලා, ඉස්සෙල්ලා ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඊළඟට එම්සීසී ගිවිසුම අත්සන් කරන්න දරන භයානක උත්සාහයක්. සංශෝධන 22ක් පස්සේ කරනවා හෙවත් අඩුපාඩු 22ක් තියෙනවා කියලා ආණ්ඩුවම කියන 20 වෙනි සංශෝධනය නමැති, තවම ලියැවිල්ලක්වත් නොවුණු, අසම්පූර්ණ සැකිල්ලට නීතිමය භාවයක් දෙන්න පුළුවන්ද?
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, තව සංශෝධන 22ක් එකතු කරනවා කියලා නීතිපති කියලා තියෙනවා. ඒවා උසාවියට දෙනවලු වෙනම... මේ වගේ දේවලට කියන්නේ අපබ්‍රංශ කියලා. සංශෝධන 22ක් තියෙන අපබ්‍රංශ සැකිල්ලක් නම් එතනම පේනවා 20 වෙනි සංශෝධනය අසම්පූර්ණයි, අවිධිමත්, පොදු එකඟතාවයක් නැහැ කියලා. එතකොට මේ වගේ අපබ්‍රංශයක් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණයත් අපබ්‍රංශ වෙන්න එපෑයැ. මේ එක සංශෝධනය හරියට නොකරන ජනාධිපතිවරයෙක් සහ ඔහුගේ අධිකරණ ඇමති කොහොමද සම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ? සිංහල බෞද්ධයින් එකට එකතු වෙලා ජනවරමක් දුන්නේ සුළු ජාතීන්ගේ ග්‍රහණයට අහු වෙලා හිටපු සිංහල පාලකයන් එයින් මුදාගන්න. හැබැයි දැන්වෙලා තියෙන්නේ ජනාධිපති සුළු ජාතික නීතිඥයෙක් විශ්වාස කරලා, ඔහුගේ රහස් කියලා, ඔහු හරහා නීති කටයුතු කරගෙන අද ඔහුට හිස නමා ගෙන ඉන්න වෙලා තියෙන එක. ජනාධිපතිවරයාගේ අදූරදර්ශීකම නිසා මුළු රටකටම අහිතකර ඵල විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. තනි පුද්ගලයෙක් රකිනවද, රටක් රකිනවද කියන සරල ප්‍රශ්නයට ශ්‍රේෂ්ඨාධිකරණය උත්තර දෙන්නේ කොහොමද කියල රටම බලා ඉන්නවා.
20 නැතුව කොවිඩ් මර්දනය කළා. 20 නැතුව ත්‍රස්තවාදය මර්දනය කළා. එහෙනම් 20 ගේන්නේ කාව මර්දනය කරන්නද.?