
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර පද්ධති මුහුණ දෙන ප්‍රධාන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සෙවීමේ අරමුණින් 2026 ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගතා තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කළ බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකශ කළේය.
මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය , අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව එක්ව සංවිධානය කරනු ලබයි.
මෙවර ලෝක ආහාර දිනයේ තේමාව "අද දිනයේ නවෝත්පාදනය - හෙට දිනයේ පෝෂණය" බවත් එම තේමාවට අනුකූල වන පරිදි මෙවර තරඟාවලිය පැවැත්වෙන බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය.
ඒ සඳහා දිවයිනේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන්ට කණ්ඩායම් ලෙස සහභාගීවීමට ආරාධනා කරන බවත් ලෝක ආහාර හා කෘෂි කර්ම සංවිධානය ප්‍රකාශ කළේය.
තරඟයට ඉදිරිපත්වන කණ්ඩායම් අතරින් තෝරා ගන්නා අවසන් කණ්ඩායම් පහ ලබන ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දින ජාතික උත්සවයේදී සිය නවෝත්පාදන ඉදිරිපත් කරනු ඇති බවත් එම කණ්ඩායම් පහ අතරින් තෝරා ගන්නා හොඳම කණ්ඩායම් තුනට මුදල් ත්‍යාග, ජාතික මට්ටමේ ඇගයීම් සහ ආයෝජකයින් හා සම්බන්ධ වීමේ විශේෂ අවස්ථා හිමිවනු ඇති බවද එම සංවිධානය පැවැසුවේය.
මෙම වැඩසටහනට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකගේ සහාය ලැබෙන බවත් තරුණ පරපුරේ නිර්මානශීලි අදහස්, දැනුම සහ ව්‍යාපාරික හැකියාව යොදා ගනිමින් මෙරට ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, ශක්තිමත් සහ අනාගතයට ගැලපෙන ලෙස සකස් කිරීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණ බවත් ලෝක ආහාර හා කෘෂි කර්ම සංවිධානය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd