
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඉන්පසු නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියාව 2025 පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන පවත්වමින් මහත් හරසරිනි. සුපුරුදු පරිදි මැදියම් රැය උදා වෙද්දී, සිඩ්නි නුවර වරාය මල් වෙඩිවලින් අලංකාර විය. දස දහස් ගණනක් ඕස්ටේ්‍රලියානු වැසියෝ එම මල් වෙඩි නැරැඹීමට පැමිණ සිටියහ.
අවුරුදු සැමරුම් පැවැති ලොව ප්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබීම විශේෂත්වයකි. ආසියානු කලාපයේ පළමුවෙන් අවුරුදු උදාව සැමරුවේ තායිලන්තයයි. තායිලන්තයේත් ජපානයේත් බෞද්ධ ආගමික කටයුතු මධ්‍යයේ නව අවුරුද්ද පිළි ගැනුණි. දකුණු කොරියාව, උතුරු කොරියාව, චීනය ද සැමරුම් උත්සව මහ ඉහළින් පැවැත්වීය.
ඉන්දියාවත් පාකිස්තානයත් නව අවුරුදු සැමරුම් මල් වෙඩි සංදර්ශන සමඟින් පැවැත්විණි. වායු දූෂණය අහිතකර මටට්මක පැවැති බැවින්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මල් වෙඩි සහ ගිනිකෙළි සීමා කිරීමට බලධාරිහු කටයුතු කළහ.
මැදපෙරදිග කලාපීය රටවල් ද අවුරුදු උදාව මහ ඉහළින් සමරන්න විය. ඩුබායි බර්ජ් කලීෆා කුලුන සුපුරුදු පරිදි විදුලි ආලෝකයෙන් සහ මල් වෙඩිවලින් අලංකාර විය. ඒ, විදෙස් මල්වෙඩි සම්බන්ධ විශේෂඥයන් 110 දෙනකුගේ ද මැදිහත් වීමෙනි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2025 පිළිගන්න ලොව පුරා සැමරුම්