(යොහාන් භාසුර)
මෙම වසරේ (2021) අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්ට හෙට (5 වැනිදා) සිට මේ මස 30 දක්වා අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පසුගිය වසරේ මෙන්ම මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව හදුන්වා දුන් ජංගම දුරකථන යෙදුම (Mobile App) ඔස්සේ ද ලියාපදිංචි වියහැකි බවත් සනත් පූජිත මහතා පැවසීය.
මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධිමත් අද්යාපනයක් නැති පසුබිමක විභාග පැවැත්ම අසාධාරණයි
මේවා ගැන මේ වන තෙක්ම පාසල් විදුහල්පති ලා දැනුවත් කරල නැති බව කියනවා. මාධ්‍ය වලට දෙන්න කලින් එය කල යුතු යි නේද
අනෙක් පළාත් වලට සාපේක්ෂව මෙතරම් පහසුකම් ඇති බස්නාහිර පළාත, අපොස උ/පෙ ඉහළම කඩයිම් ලකුණු සටහන් වන පළාතේ අධ්‍යාපන බලධාරීන් මර නින්දේ පසුවීම පළාතේ දරුවන්ට කරන අතිශය අසාධාරණයකි. මේ ගැන අධ්‍යාපන බලධාරීන් අවධානය යොමුකර මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන, කලාප අධ්‍යාපන, කොට්ඨාශ අධ්‍යාපන, විදුහල්පති, ගුරුවරු අයුරින් ක්‍රමවත්ව නියාමනය කරමින් ගුණාත්මක මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපනය කළ යුතුයි. එය කෝවිඩ් වුවදුර නිසා රටේ අනාගත වගකීම් දැරීමට සිටින දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සිදුවන බලපෑම අවම කිරීමට රුකුලක් වෙයි.