
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයට කඩිනම් විසදුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය '19 ප්ලස්' පන්නයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැකි ඉක්මනින් ගෙනආ යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට යෝජනා කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පණ ගැන්වීම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන පුද්ගලයකු බවට පත් කිරීම, සිරකරුවන්ට සමාව දීමේ ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීම, ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය නිශ්චිත සංඛ්‍යාවක් බවට පත් කිරීම සහ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම බලසම්පන්න කිරීම ආදිය හැකි ඉක්මනින් ගතයුතු යෝජනා රැසක් පරිපාලන සේවා සංගමය රජයට සහ ජනතාවට අද ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මෙම යෝජනාවලිය ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බලය දුන්නේ යහපත් දේවල් කරන්න. තමන් බලය අතට අරන් කළේ හිතුවක්කාරි වැඩ විතරයි. ජනතාවට යහපතක් කරන්න හිතුවේ නැහැ.
එම යෝජනා නම් ඉතා හොඳ වගෙයි පෙනෙන්නේ...!
2018 වර්ෂයේදී ජාතික විගණන පනත ගෙන එනවිට එයට තදබල ලෙස විරුද්ධ වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි. දැන් ඔවුන් බොරුවට විවිධ යෝජනා ගෙනඒම විහිළුවකි...!