(ඩයනා උදයංගනී)
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත.
එම ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් මේ බව මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම තීරණයට අදාළ චෝදනා පත්‍රය උප සභාපතිවරයාට ඉදිරියේදී ලැබීමට සලස්වන බවද සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත.
මින් ඉදිරියට නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයකු ලෙස පෙනී සිටීමට ඔහුට කිසිඳු හිමිකමක් නැතැයි සාගර කාරියවසම් මහතා යොමු කළ ලිපියේ දැක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසියම් පළාත් පාලන ආයතන සභිකවරයකු බරපතල දූෂණ චෝදනාවක් වැනි චෝදනාවක් ලැබූ අවස්ථාවකදී ඔවුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්‍ෂයේ පළාත් පාලන ආයතන සභිකවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි සභාපතිවරයා එම ලිපියෙහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බරපතල දූෂණ චෝදනාවක් වැනි චෝදනාවක් ලැබූ අවස්ථාවකදී ඔවුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්‍ෂයේ පළාත් පාලන ආයතන සභිකවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි සභාපතිවරයා එම ලිපියෙහි සඳහන් කර ඇත." මෙම වාකයෙන් ගම්‍ය වන්නේ සුළු සුළු වැරදි යනු මුදල් වංචා, හොර කසිප්පු, පාගා ගැනිලි වැනි වැරදිද යන්න මෙහි සභාපති උන්දැ ගෙන් විමසීමට කැමැත්තෙමු.
අනිවාර්යෙන් මේ වගේ කාලකන්නි පනනලම දානන ඔනි
සාගර කාරියවසම් මහතා කිසියම් ක්‍රමයක් සහිතව තම දේශපාලන ගමන ගෙනයන්නා සේ පෙනේ.
දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම ගැන පක්ෂයේ විරෝධතාවක් නැද්ද? අපට නම් මේ අය සමාන වැරදිකරුවන්.
එතකොට චොකා මල්ලි
අතටම අහුවෙලා තවත් ඔප්පු කරන්න දෙයක් නැහැ, ඒක නිසා ගැලවිජ්ජාවට ඕක කලේ. අනෙක මේ උප සභාපති කෙනෙක් බිල්ලට දීල තමන් ආරක්ෂාව කරන හොරු රෑන රැක ගන්න එක වඩා ලාභ ගනුදෙනුවක් නැද්දැ මහත්මයා ,
එතකොට අර හම්බන්තොට ගැහැණු ළමයින්ට බැංකු රස්සාවල් දීලා තියෙන්නේ කොහොමද දන්නේ නැහැ...
ඔය බොරු ෂෝ නවත්වන්න.
මෙයා ඉන්නේ කෙහොමත් පක්ෂයෙන් පන්නලා දාන්න. බඳවා ගැනීම කරන්න බැසිල් ඉන්නේ...
එතකොට උප සභාපතිකම එහෙමම තියෙනවා, සාගරගේ බොරු බයිලා...