
(මනෝප්‍රිය ගුණසේකර)
මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙ දඬුවම් නියම වුයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කළ රාමවික්‍රම ගමාච්චිගේ රුවන් නමැත්තකුටය.
2016 සැප්තැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට තැපැල් මඟින් ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට තිලිණ නයනජිත් නමැත්තාගෙන් රුපියල් 11,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට
බකල ජයා Thursday, 06 February 2025 06:19 PM
තීන්දුවට අවු 9 ගියා - ඉතා නරකයි, අවු 28 හිරේ - ඉතා හොඳයි, අවු 7කින් ගෙවෙනවලු - මොකක්ද මේ? නම දැම්මා නම් ඉතා හොඳයි. ෆොටෝ එකත් දැම්මා නම් තවත් හොඳයි...
Nandana Thursday, 06 February 2025 07:11 PM
නියම හඬ ඕකෙන්ම බෙදනවද?