තමිල්නාඩුවේදී මියගිය වැසියන් වෙනුවෙන් විරෝධතාවක් ත්‍රිකුණාමලයේදී දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේදි ජනතා උද්ඝෝෂණයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මියයෑම හෙලා දැක විරෝධතාවක් හා ඔවුන් සිහිකිරිමක් අද (26) ත්‍රිකුණාමලයේදී පැවැත්වුණි. 26 May 2018
දිගු ඉඩෝරයක නිමාවේ සුන්දරත්වය වසර දෙකකට අධික කාලයක් පැවැති දරුණු නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහවැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු කුඩා ජලාශ රැසක් මේ වනවිට වාන් දැමීම සිදුවෙයි. 26 May 2018
මත්කුඩු විකුණු පස්දෙනෙක් කිතුල්ගලදී අල්ලයි කිතුල්ගල ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයින් පස් දෙනෙකු කිතුල්ගල ප්‍රදේශයේදි ඊයේ (25) පස්වරුවේ මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 26 May 2018
වෛරස් උණ වැළඳුනු දරුවන්ගෙන් කරාපිටිය රෝහල උතුරයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ වෛරස් උණ වැළදිමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරීයාම නිසා එහි ඇඳක් වෙන්කර ගැනිමට නොහැකිවිමෙන් දැනට මාස දෙකක සිට වෙනත් ළමා ශල්‍ය කර්ම කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව කරපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා පවසයි. 26 May 2018
දැදුරුඔය පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ පීඩාවට පත්වී ඇත. දැදුරුඔයේ වම් ඉවුර මේ වනවිට පිටාර ගලමින් පවතී. මෙම තත්වය නිසා ජයබිම, දැදුරුඔය යන ගම්මාන වල පදිංචිකරුවන් පීඩාවට පත්ව සිටියි. 26 May 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු වසයි තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වනවිට වසා දමා ඇති බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (25) දින උදෑසන වනවිට එම තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සම විවෘත කර තිබුණි. 26 May 2018
මඟුලාගමදී ජල පහරකට අසුවී අයෙක් අතුරුදන් පඬුවස්නුවර - තෝරකොටුව මඟුලාගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු මඟුලාගම පාලම අසලදී කලුබුළු ඔය පිටාර ගැලීමෙන් පැමිණි ජල පහරකට අසුවී ඊයේ (25) අතුරුදහන් වී ඇතිබව හෙට්ටිපොල පොලීසිය පවසයි. 26 May 2018
ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක් ගෙවනවා - මහින්ද යාපා පාර්ලිමේන්තුවේ තෝරා ගත් මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 May 2018
අල්ලස් චෝදනා නැත්තේ හෙදියන්ට විතරයි - අල්ලස් කොමිසමේ සභාපති අල්ලස නිසා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අවමානයට හා විවේචනයට ලක්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ සභාපති නෙවිල් ගුරුගේ මහතා කියා සිටියේය. 25 May 2018
අයබදු කපා ගැනීමෙන් මැති ඇමතිවරුන්ටත් ජීවත් වෙන්න බැරිලු අලුතින් සම්මත කරන ලද දේශිය අදායම් පනතට අනුව මැති ඇමතිවරුන්ගේ මෙවර වැටුප් හා දීමනාවලින් ඉතා විශාල මුදලක් අයබදු ලෙස කපා හැරීම නිසා මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. 25 May 2018
මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමනයට බධා මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ බොක්කුවක් ගැලවීයාමෙන් එම මාර්ගයේ ගමනා ගමනයෙන් වලකින ලෙස මුන්දලම පොලීසය ඉල්ලා සිටියි. 25 May 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 න් 8 ක් වසා දමයි තබ්බෝව ජලාශයේ විවෘත කල වාන් දොරටු 20 න් 8 ක් වසා දැමූ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය. 25 May 2018
අත්තනගල්ලේ දිය නාන්න ගිය අයෙක් අතුරුදන් අත්තනගල්ල කරස්නාගල සපත්තු පාලම අසල දිය නාමින් සිටි බව කියන පුද්ගලයකු අද (25) සැඩ පහරට ගොදුරුව දියේ ගිලී අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 25 May 2018
උඩප්පුව මෝය කට කපයි - ගම්මුන්ගෙන් විරෝධතා බත්තුළුඔය සහ අවට එකතු වී ඇති පිටාර ජලය බැස යාම සඳහා උඩප්පුව මෝය කපා දැමීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත. ඒ අනුව අද (25) සවස උඩප්පුව මෝය කපා දැමීම සිදු විය. උඩප්පුව මෝය කපා දැමීමත් සමඟ එම ප්‍රදේශය තුළ ගමනාගමන කටයුතු වලට බාධා ඇති වේ. 25 May 2018
හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදෙන තුරු 10,000ක අත්තිකාරමක් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති ආපදා තත්ත්වයෙන් හානියට පත් නිවාසවල හානිය ගණනය කර වන්දි මුදල් ලබාදෙන තුරු එම සියලු නිවාස වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීම හෙට (26) සිට ආරම්භ කරන බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසීය. 25 May 2018
හිටපු ජනපති සහ ඒකාබද්ධය අතර විශේෂ හමුවක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) පස්වරුfවිදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 May 2018
මිනිසකුගේ දිවි බේරන්න වළසාට වෙඩිතැබූ තිදෙනකුගේ වැඩ තහනම් වලස් ප්‍රහාරයකයට ලක් වු පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තැබූ බව පවසමින් වනජීවී පශු වෛද්‍යවරියක සහ වනජීවී දෙපාර්තමේන්තුවේ තවත් සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹි ඇත. 25 May 2018
වනජීවී නියෝජ්‍ය ඇමති ගලේවෙල රෝහලට කඩාවැදී හොට පටළවාගනී ගලේවෙල දිසා රොහලේ පැවති රිය අනතුරු පෙරහුරු වැඩසටහනකට කඩා වැදුණු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි සිටි නිලධාරින්ට බැණ වැදීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය. 25 May 2018
බෝවන රෝග ඉහළ යාමේ අවදානමක් හදිසි ගංවතුර හා ආපදා තත්ත්වය හමුවේ බෝවන රෝග ඉහළ යාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 25 May 2018
පුත්තලමේ පුද්ගලයින් 31,068 පීඩාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 197 ක පවුල් 8594 ක පුද්ගලයින් 31,068 පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන් . චිත්‍රානන්ද මහතා පවසයි. 25 May 2018
අත්තනගලු ඔය මහ ගංවතුරකට ළං වෙයි අත්තනගලූ ඔයේ ජල මට්ටම මහ ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිතව දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.. 25 May 2018
විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණයි - කතානායක විනිසුරුවරයකුගේ නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්රීිවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්රිණයාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය. 25 May 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තම්බපණ්නිය යටවෙයි තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීමත් සමඟ තම්බපණ්නිය ගම්මානය සම්පුර්ණයෙන් ජලයෙන් යටවූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා පවසයි. 25 May 2018
දියවන්නාවේ බෞද්ධ මධ්‍යස්ථානයට රජයේ මුදල් නෑ - පාඨලී දියවන්නා ඔය ආශ්‍රිතව ඇති ජලාශය මත ඉදිකරන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය සඳහා රජයේ අරමුදල් යොදවා නැතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 May 2018
පරිසර දිනය වෙනුවෙන් පරිසර සතියක් ලෝක පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යංශ්‍ය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ පරිසර සතියක් මේ මස 30 වැනි දා සිට ජුනි 4 වැනිදා දක්වා පැවැත්වේ. 25 May 2018
මැතිවරණයට ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් - දයාසිරි අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය. 25 May 2018
ලොකු ලූනූ කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් දේශීය බී ලූනූ ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොකු ලූනූ බීජ කිලෝග්‍රෑම් එකක් රුපියල් 80ක සහතික මිලකට ලබාදීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 25 May 2018
සබරගමුවේ භාෂා පරිවර්තක අභියෝගතා විභාගය කල්යයි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා වූ භාෂා පරිවර්තක අධ්‍යයනය අභියෝගතා විභාගය කල් යයි. 25 May 2018
හිටපු වෙළෙඳ ඇමැති රවී අදත් අධිකරණයේ අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඉදිරියේ පෙනී සිටියේය. 25 May 2018
කඩුවෙල - බියගම පාලමට ඉහලින් පිවිසුමක් වැසි සහිත කාලගුණ තත්වය නිසා හානියට ලක්වූ කඩුවෙල බියගම පාලමේ හානියට පත්වූ කොටසට ඉහළින් තාවකාලික පාලමක් සාදා වාහන ගමන් කරවීම ආරම්භ කර තිබේ. 25 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026