කොටකෙතන මව - දියණිය ඝාතන චෝදනාවට වරදකරු වූ පුද්ගලයාගෙන් ඇපෑලක් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය කරමින් ඔහුට මරණීය දඩුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. 04 November 2019
‘නාමයෝජනා බාරදී වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම වැරදියි’ කිසියම් අපේක්ෂකයකු නාමයෝජනා බාරදුන් පසු තවත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම සහ ඔහුට ඡන්ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 04 November 2019
ජනපතිවරණය වෙනුවෙන් 15 වැනිදා රජයේ පාසල් වැසේ ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් ගොඩනැගිලි යොදාගන්නා හෙයින් මේ මස 15 වැනිදින රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 04 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් නොකරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානයේ සාමාජිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(04) විරෝධතාවක් පැවැත්වූහ. 04 November 2019
සුඛෝපභෝගී දුම්රිය මැදිරි අයිතිය දෙපාර්තමේන්තුවට දෙන්නැයි ඉල්ලීමක් සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 04 November 2019
විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ අද (4) දහවල් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුට ගම්වාසීන් පිරිසක් විසින් පහර දී ඇති අතර තත්වය සොයා බැලීමට ගිය විදුලි අධිකාරීවරයාට ද පහරදීමෙන් තුවාල ලබා රෝහල ගත වී ඇත. 04 November 2019
ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ, සම්මානිත ලේඛකයකු වන සමරවීර විජයසිංහ මහතා අද(04) අභාවප්‍රාප්ත විය. 04 November 2019
ඉන්දීය ධීවරයෝ 5,000 ක් හරවා යවති යාපනය, කච්චතිව් දුපත ආශ්රිත මුහුදේ ධීවර කටයුතු සඳහා පැමිණි ඉන්දීය ධීවරයින් 5,000ක් පමණ ආපසු හරවා යැවූ බව නාවික හමුදාව පවසයි. 04 November 2019
‘ආරම්භ කළ ගමන ඉදිරියට යනවා’ ආරම්භ කළ ගමන ඉදිරියට යනවා මිස අතරමග නැවතී වෙනත් අපේක්ෂකයකුට සහය දැක්වීමක් කරන්නේ නැතැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. 04 November 2019
ජනපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ සහය සජිත්ට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට තමන් සහයෝගය පළ කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ලංකාදීපයට අද(4) පැවැසීය. 04 November 2019
ජනපති අපේක්ෂක ජනතාව අතරට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි. 04 November 2019
ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක දිවයින පුරා ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 November 2019
‘ශිෂ්‍යත්වය ශිෂ්‍යාධාර ගැනීමේ විභාගයක් කරනවා’ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනප්‍රිය පාසලක් සොයා ගැනීමේ තරග විභාගයක් වෙනුවට ශිෂ්‍යාධාර ලබාගැනීමට පවත්වන විභාගයක් කරනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (4) පැවසීය. 04 November 2019
ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(4) හමුවූහ. 04 November 2019
ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි. 04 November 2019
වැල්ලම්පිටිය තඹ කම්හලේ විමර්ශන අවසන් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය. 04 November 2019
හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ කාර්යමණ්ඩල අධ්යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී. 04 November 2019
රූපවාහිනී සංස්ථාව ගැන පෙත්සම් විභාගයට අවසර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) අවසර ලබා දෙන ලදී. 04 November 2019
වීරවංශ ඇතුළු 6 දෙනාගේ නඩුව කල් යයි විරෝධතාවක් සිදුකර, මහජනතාවට පීඩාකළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා සම්බන්ධ නඩුව පෙබරවාරි 17 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(04) නියෝග කළාය. 04 November 2019
විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 ක් අත්අඩංගුවට ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 04 November 2019
හෙරොයින් කිලෝ 200 ක් ගාල්ල මුහුදෙන් අල්ලයි ගාල්ලට නුදුරු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි කියන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 04 November 2019
ඩුබායි සිට ගෙන ආ කෝටි 6 ක සිගරට් විනාශ කරයි ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 6 ½ ක් පමණ වටිනා සිගරට් ලක්ෂ 10 ක් කොටහේන ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී අද (4) පෙරවරුවේ විනාශ කිරීමට රේගුව පියවර ගෙන තිබේ. 04 November 2019
ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක ණයක් ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක ණය මුදලක් මුදාහැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය දී ඇත. 04 November 2019
ජනපති විවෘත කිරීමට සිටි ධර්මශාලාව සාගල විවෘත කරයි මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි. 03 November 2019
සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි. 03 November 2019
ජනපතිවරණයේ ආරක්ෂක රාජකාරීවලට ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට පියවර ජනාධිපතිවරණයක ආරක්ෂක රාජකාරිවලට ප්‍රථම වරට අති නවීන ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මෙවර කටයුතු කරන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ’ලංකාදීප’යට අද (03) පැවසීය. 03 November 2019
සීමාවාසික වෛද්‍යවරුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි ඉල්ලීමක් පුහුණු කාලය ගතකරමින් සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් ටී.ඩී.විමලසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 03 November 2019
තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 03 November 2019
‘චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය 5 වැනිදා ‘‘ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනිද්දා (5) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 November 2019
‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි’ මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026