(මුදිතා දයානන්ද)
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනප‍්‍රිය පාසලක් සොයා ගැනීමේ තරග විභාගයක් වෙනුවට ශිෂ්‍යාධාර ලබාගැනීමට පවත්වන විභාගයක් කරනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (4) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ ඇතුළුකෝට්ටේ පිහිටි වියත්මග කාර්යාලයේ දී පැවති ආර්ථික පර්යේෂණ ඒක්කයේ මාධ්‍ය හමුවේදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නේ දැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
අපේ වැඩපිළිවෙළ තුළ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික මට්ටමේ පාසල් තුන බැගින් රටපුරා පාසල් 1000 ක් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම එක් ආදර්ශ පාසලක් හෝ ලබාදෙන්නත් සැලසුම් කර තිබෙනවා. මේ ආකාරයට ජනප‍්‍රිය පාසල් ප‍්‍රමාණය වැඩිවෙන විට ඒවාට ඇතුලත් වීමට තිබෙන තරගය අඩුවෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ බවට දැන් පත්ව තිබෙන්නේ ජනප‍්‍රිය පාසලක් සොයා ගැනීමයි. අපි ජනප‍්‍රිය පාසල් මට්ටමට ගත හැකි පාසල් ප‍්‍රමාණය වැඩිකළාම ඒ පාසල්වලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීම අනිවාර්ය වන්නේ නැහැ. එය ශිෂ්‍යාධාර ලබාගැනිමට සුදුසුකමක් පමණක් බවට පත්වෙනවා. ඒ නිසා තවදුරටත් මෙය ළමයින් පෙළන තරග විභාගයක් බවට පත්වන්නේ නැහැ.
ඡායාරූප - ඉෂාන් සංජීව
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ශිෂ්‍යත්වය ශිෂ්‍යාධාර ගැනීමේ විභාගයක් කරනවා’