කොළඹ වායු දූෂණය ඉහළට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කරන ලද ගණනය කිරීම්වලට අනුව කොළඹ නගරයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 06 November 2019
වසන්ත සේනානායකට සිතාසි කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරු වන හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (06) යළිත් සිතාසි නිකුත් කළේය. 06 November 2019
එම්.සී.සී. ගිවිසුම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම අගවිනිසුරුට ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ 06 November 2019
නීතිපතිට-සීඅයිඩීයට නොතීසි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද ( 06) නොතීසි නිකුත් කෙරිණි. 06 November 2019
දිනකට ගෑස් සිලින්ඩර 80,000 කට අධික ප්‍රමාණයක් නිකුත් කරන්න යයි කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් අද(06) සිට ලබන 14 වැනිදා දක්වා දිනපතා ගෑස් අලෙවිසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි වෙළඳ හා ආයතනික සම්බන්ධතා ජනක පතිරත්න මහතා පැවසීය. 06 November 2019
මාධ්‍ය නියාමනයට මැදිහත් වෙන්නැයි විෂයබාර ඇමැති ජනපතිගෙන් ඉල්ලයි මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කරන්නට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය විෂය භාර අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. 06 November 2019
ළමා අපයෝජනයට වසර 14 ක් හිරේ බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් චීවරධාරියෙකුට වසර 14 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා අගතියට පත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (06) නියෝග කළේය. 06 November 2019
වන අලි නවගත්තේගම වනසති නවගත්තේගම, කුරුකැටියාව ගම්මානයට අද(06) කඩා වැදුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳදැමීම හේතුවෙන් තම ජීවිත දැඩි අවදානමක පවතින බව ජනතාව පවසති. 06 November 2019
භික්ෂුණින්ගේ ඡන්ද අයිතිය අවදානමේ භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙළක් නැති නිසා භික්ෂුණින් වහන්සේලා 8000 ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබී යනු ඇතැයි රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී දානියගම ආනන්ද හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 06 November 2019
යාපනයේ පෙරියකුලම වැව ජනතා අයිතියට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්රතිසංස්කරණයෙන් නිම වූ පෙරියකුලම වැව ජනතා අයිතියට පවරාදීමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 06 November 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අවදානමක් ඇති ගල් ඉවත් කිරීම අරඹයි නාය යාම සමඟ වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගයේ කඩා වැටීමේ අවදානමක් ඇති ගල් කුට්ටි කඩා ඉවත් කිරීම මේ වන විට අරඹා ඇති බැවින් තවදුරටත් මාර්ගය වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය. 06 November 2019
කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ටිකට් පරීක්ෂකවරු 3ක් අත්අඩංගුවට ලංගම බස් කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු අද(06) මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 06 November 2019
කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හෙට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ සංචිත දියවර මුදාහැරීම සහ අඹන නව නගරයේ ඉදිවූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) සිදු කෙරේ. 06 November 2019
විදුලි පුරාණය දොරට වඩී රූබන් වික්‍රමආරච්චිගේ කුළුදුල් කෘතිය වන ’විදුලි පුරාණය’ මෙම මස 08 වැනි දින පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දොරට වඩී. 06 November 2019
තංගල්ල හිටපු නගරාධිපති තවදුරටත් රිමාන්ඩ් තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (06) නියෝග කළේය. 06 November 2019
උමාචන්ද්‍ර ප්‍රකාශ් - ආරුමුගම් ජොන්සන් සජිත්ට සහය දෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය සහ දෙමළ ජාතික ප්රගතිශීලී පක්ෂය මහ ලේකම් ආරුමුගම් ජොන්සන් යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය. 06 November 2019
ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් මිලේනියම් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් ස්වදේශික අයිතීන් උදෙසා ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතවරු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද(06) උද්ඝෝෂණයක නිරත වූහ. 06 November 2019
ඩී.ඒ.රාජපක්ෂ 52 වැනි ගුණසමරුව තංගල්ලේ හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 52 වැනි ගුණසමරු උත්සවය අද (6) හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී සිදු කෙරිණි. 06 November 2019
උතුරේ මීදුමෙන් ගොවියෝ බියවෙති යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගය ඇතුළු උතුරු පළාතට මේ දිනවල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් වාහන ගමනාගමන කටයුතු වලට මෙන්ම ගොවිතැන් කටයුතු වලට බලපෑම් සිදුව තිබේ. 06 November 2019
එළිමහනේ අකුරු කරන සාමණේර හිමිවරු කන්දේගම ධනංජය රජමහා විහාරයේ සාගරමති පිරිවෙන් ශාලාව මෙතෙක් විවෘත නොකිරීමෙන් පිරිවෙනේ සාමණේර හිමිවරුන් 32නමක් එළිමහනේ පිරිවෙන් අධ්‍යාපනය ලබන බව විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර නාහිමියෝ පවසති. 06 November 2019
අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගෙන් අනතුරු ඇඟවීමක් විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ජාතික පාසල්වල ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර දැනට ඇති පුරප්පාඩු වහා පිරවූයේ නැතිනම් නේවාසිකාගාර වැසී යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසයි. 06 November 2019
හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයවලුන් තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 November 2019
පුද්ගලයකු ඝාතනය කර ආභරණ කොල්ල කා පලා යයි කොළඹ 2 ධර්මපාල මාවතේ නිවසක් තුළදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඔහු පැළඳ සිටි රන් ආභරණ කිසියම් පුද්ගලයකු කොල්ල කා පලාගොස් ඇතැයි කොම්පඤ්ඤවීදීය පොලිසිය පවසයි. 06 November 2019
දරුවන් දෙදෙනා මැරීමට තැත් කළැයි මවක් අත්අඩංගුවට තම කුඩා දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කළ මවක් අගලවත්ත පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 06 November 2019
නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 06 November 2019
'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ සංවිධායකවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කිරීමට යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති ’අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 05 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව අත්සන් කිරීමට තීරණය කරයි යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කිරීමට රජය තීරණය කර ඇත. 05 November 2019
‘‘තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවානම් එවන් ආණ්ඩු කුණු කූඩයට යවන්න පියවර ගන්නවා‘‘ පාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටීමට නොව නිසි වැඩපිළිවෙලක් තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බව රැකියා විරපාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටීමට නොව නිසි වැඩපිළිවෙලක් තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පැවසූහ. 05 November 2019
ගෑස් හිඟය ගැන කැබිනට් මණ්ඩලයෙත් අවධානයට මේ දිනවල පවතින ගෑස් හිඟය අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 05 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026