IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඩී.ඒ.රාජපක්ෂ 52 වැනි ගුණසමරුව තංගල්ලේ

(අනීෂා මානගේ)

හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 52 වැනි ගුණසමරු උත්සවය අද (6) හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී සිදු කෙරිණි.

තංගල්ල නගරයේ මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසලදී මෙම උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක මහත්වරු ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරු රැසක් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ  ප්‍රදේශවාසීහු ද පාසල් දරු දැරියෝ ද සහභාගී වූහ.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසළ මල් කළඹක් බැගින් තබා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ගුණ සිහි කළ අතර දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක සහ ඩී.ඒ.රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ ලේකම් උපුල් දිසානායක මහත්වරුන් කුරහන් පැහැති මල් මාලයක් ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුවට පළන්දනු ලැබීය.

 



අදහස් (2)

ඩී.ඒ.රාජපක්ෂ 52 වැනි ගුණසමරුව තංගල්ලේ

kamal Wednesday, 06 November 2019 09:57 AM

උප කතානයනේ. අපි හිතුවේ හිටපු අගමැති කෙනෙක් කියලයි...

:       0       0

Mahee Wednesday, 06 November 2019 12:49 PM

ළමයිනේ, මං කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව සිංහයා වගේ බොහොම ගරු ගාම්භීරව ජීවත් වුණු කෙනෙක්. උඹලා දැන් මම හින්දා නඩුහබ වලට පැටලෙන එක බොහොම වැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site