ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු දක්වයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියා යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(03) අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට කරුණු ඉදිරිපත් කළේය. 03 December 2019
ප්‍රියංකර ජයරත්න චෝදනා දෙකකින් නිදහස් හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියෝග කළේය. 03 December 2019
අගමැති මහජන සම්බන්ධතා ඒකකය විවෘත කරයි අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (3) පෙරවරුවේදී විවෘත කරනු ලැබීය. 03 December 2019
දෙනගම් ඔයේ ජලය ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට එයි සමනලවැවේ ජලමූලාශ්රයක් ලෙස පවතින දෙනගම් ඔයේ ජල මට්ටම ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට ආසන්නව පවතී. 03 December 2019
ටෙලෝ ලේකම්ගෙන් අනතුරු ඇගවීමක් ටෙලෝ සංවිධානයෙන් තමා ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවීමට පෙර නව ප්රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී පැවසීය. 03 December 2019
සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට මිනීමැරුම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු නවගමුවේදී අද(03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 03 December 2019
නාය යාමෙන් අතුරුදන්ව සිටින සිසුවා සෙවීමේ මෙහෙයුම නවතින ලකුණු නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන්ව සිටින කලන පැතුම් (15) පාසල් සිසුවාගේ සිරුර සෙවිමේ කටයුතු අද (03) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ වල අවධානය යොමු වි ඇති නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය. 03 December 2019
හේමසිරි-පුජිත් තවදුරටත් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 17 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනලේ මහතා අද නියෝග කළේය. 03 December 2019
පාර්ලිමේන්තු සැසිය අදින් අවසන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අද රාත්‍රීයේ අවසන් කරනු ලැබීය. 02 December 2019
ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (02) පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසමේ සාමාජිකයින් හමුවී අදහස් හුවමාරු කර ගත්තේය. 02 December 2019
රන් භාණ්ඩ කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් නිල ඇඳුමෙන් සැරසී ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කර වත්තල රන් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙක්ගෙන් රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂයකට අධික රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හිටපු ගුවන් හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු මිනුවන්ගොඩ බුලුගහමුල ක්‍රීඩාංගනය අසලදී අද (020 අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 December 2019
පොලොන්නරුව - සෝමාවතිය මාර්ගය වසාදමයි අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අද (02) පස්වරුව වන විට ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමාකරණ ඒකකය කියයි. 02 December 2019
වැස්සෙන්-සුළගෙන් පීඩාවට පත් සංඛ්‍යාව 14000 ඉක්මවයි තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක පවුල් 4,153 කට අයත් 14,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 December 2019
හෙලිකොප්ටරයක් නිර්මාණය කළ සිසුවා උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි හෙලිකොප්ටරයක් නිර්මාණය කළ රත්නපුර, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂික දිලංක සිසුවා අද (2) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය. 02 December 2019
සහරාන් සමඟ සම්බන්ධතා තිබූ පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි සහරාන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ වක්‍රාකාරව දුරකතන සම්බන්ධතා පැවැත් වූ බව කියන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝගයක් නිකුත් කළේය. 02 December 2019
අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 December 2019
ජපාන සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට තත්ත්වය විමසා බැලීම සඳහා ජපාන සංචාරක නියෝජිතයන් සහ සංචාර මෙහෙයවන්නන් 25 දෙනෙක් දිවයිනට පැමිණ සිටිති. 02 December 2019
වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල කතානායකගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘‘සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල 2019‘‘ කොළඹ නව නගර ශාලාවේ දී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවැත්විණි. 02 December 2019
රාජිත කළ ප්‍රකාශයක් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (02) කරුණු වාර්තා කර ඇත. 02 December 2019
ටැබ් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයට අකිලගේ නොසතුට උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණය සිදු නොවිය යුත්තක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 02 December 2019
පළාත් හතරකට රතු නිවේදන උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට හෙට (3) සවස් කාලයේ සිට ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 02 December 2019
අම්බලන්ගොඩ රිය අනතුරකින් 3ක් මරුට- 3ක් රෝහලේ අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද(02) ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි. 02 December 2019
‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි අද(02) පැවැසීය. 02 December 2019
‘අපි ලබාදුන් නිදහස ටික කාලයකින් ජනතාවට තේරේවි’ “කවදාහරි ලූණු වල රහ දැනෙන්නේ හොද්දට ලූණු අඩුවුන දවසටයි. ලූණු තියෙනවනම් කවදාවත් ලූණු ගැන කතා කරන්නේ නැහැ හොද්දේ රහ ගැනයි කතා කරන්නේ. ඒවගේ තව ටික දවසක් යනවිට අපි ලබාදුන්නු නිදහසේ රඟ ජනතාවට තේරෙයි’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. 02 December 2019
වයඹ ආණ්ඩුකාර මුසම්මිල් වැඩ බාරගනී තමන් වැනි මුස්ලිම් ජාතිකයකු ඓතිහාසික බෞද්ධ උරුමයන් පෙරටු කරගත් වයඹ වැනි ඓතිහාසික පළාතක ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම සමස්ත මුස්ලිම් ජාතින්ට කරන ලද ගෞරවයක් බව වයඹ පළාත් නව ආණ්ඩුකාර ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය. 02 December 2019
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව පුලස්තිපුර පොලිසිය පවසයි. 02 December 2019
එජාපයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැඳවීමක් 5 වැනිදා විපක්ෂ නායක ධුරය ඇතුලූ සියලූ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පකෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා(5) කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 02 December 2019
අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය අසළ උපවාසයක පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද(02) කොළඹ පිහිටි ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය. 02 December 2019
රාජ්‍ය චිත්‍ර - මුර්ති ප්‍රදර්ශනය ඇරඹෙයි බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය කොළඹ ජේ.ඩී.ඒ කලාගාරයේ දී අද (2) ආරම්භ කෙරිණි. 02 December 2019
කංජිපානි රඳවා සිටින බන්ධනාගාර කුටියෙන් දුරකතනයක් හමුවෙයි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා රඳවා සිටින ඒ-1 සිර මැදිරියේ අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු ජංගම දුරකතනයක් බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින් සොයාගෙන තිබේ. 02 December 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026