(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අද රාත්‍රීයේ අවසන් කරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හා අවසන් කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘත කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (02) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරිණි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
ජනාධිපතිවරයා කලින් කළ ප්රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.
පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප්රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු බවත් ඒ දිනය ප්රකාශනයේ දින සිට මාස දෙකක් නොඉක්මන දිනයක් විය යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.
නව ජනාධිපතිවරයෙකු පත් වූ පසුව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර නැවත සැසිවාරය විවෘත කිරීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්රදායකැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොටොම යන්න කියන්න පෝස්ටර් ගලවන්න සහ මාර්ග පිරිසිදු කරන්න .
රනිල් - සජිත් යුගලය මේවා මතක තියාගන්න. මේක එජාපයට කරපු උදව්වක්. ප්‍රශ්න බේරගන්න තව සති 3ක් දුන්නා.
ඕක සදහටම වහලා දාන්න. 225 ටම පා පැදි අරගෙන රට වටේම තියන ප්‍රශ්න අවබෝධ කරගන්න හොරකම් කරපු සල්ලි වලින් වියදම් කරගෙන යන්න කියන්න. අඩුම ගානේ දවසක රාජ්‍ය වියදම් පරතරයවත් අඩු කරගත හැකි වේවි.
සිරිකොත ඉස්සරහ පාරට කාපට් දමලා දෙන්නත් ඕනේ. අර මහින්ද මහත්තය කරලා දුන්නා වගේ.....
අද දින හඳුන්නෙත්ති විසින් බැඳුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් කල වෝවහාරික වාර්තාව පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කරන බව කියා සිටියා. දිනය උදාවීමට පැය කීපයකට පෙර ගෝඨාබය පැර්ලිමේන්තු සැසිය අවසන් කරනවා. දැන් හොරු නිදහස්. ඡන්දය දුන් ඔබට ස්තූතියි.
2002 සිට මහා බැංකු වංචාවන් එළිවෙන නිසා පාර්ලිමේන්තුව කල් දැම්ම කියල සමහරු කියනවා. දෙගොල්ලොම හොරුනේ. හොරු හොරුන්ව බේරාගන්නවා මිසක් රටට සුගතියක් නම් නැහැ වගේ.