(රොමේෂ් මධුෂංඛ)
ටෙලෝ සංවිධානයෙන් තමා ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවීමට පෙර නව ප්රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී පැවසීය.
යාපනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී ශ්‍රීකාන්තා මහතා මෙසේ ද කීය.
‘ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතාට සහය දැක්වීමේ චෝදනාව මත තමන්ටත් තවත් දෙදෙනෙකුටත් ටෙලෝ නායකයා විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බව දැනුම් දී තියෙනවා. ටෙලෝ සංවිධානයේ ලේකම් වශයෙන් තමන්ටත් යාපනයේ ලේකම්වරයා වන සිල්වෙස්ටර් විමල් රාජ් නැමැත්තාටත් එහි උප ලේකම් එස්.ජෙගනාර් නැමැත්තාටත් එරෙහිව එම විනය පරීක්ෂණය පැවැත්වෙන බව දැනුම් දී තියෙනවා වගේම ඔවුන් ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්.
ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටි නිසා ඔහුට සහය දැක්වීමේ කිසිම වරදක් නැහැ. ඒ වගේම අනෙක් දෙදෙනාට එරෙහිවත් විනය පරීක්ෂණයක් පවත්වා සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ඉකුත් වීමට පෙර යාපනයේදී ප්රගතිශීලී දෙමළ සංවිධානයක් පිහිටුවා දේශපාලන කටයුතු කරගෙන යනවා' යැයි ශ්‍රී කාන්තා මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. එතකොට බලාගත හැකිවේවි බොරදියේ මාලු බාන කට්ටිය වගේම දිය යටින් ගින්දර ගෙනියන කට්ටියත්. දකුණේනම් දැන් ඔය වැඩේ වෙනවා.
කව්ද මේ ?
එහෙත් එහෙමද? නහින දෙහින අයද උඩ දාගෙන නටන්නේ?
සිංහලයන්ට විරුද්ධව වැඩ කරන අයට දෙවියෝ දඬුවම් දෙනවා. ඒක මෙතෙක් කල් සෑම විටකම ඔප්පු වෙලා තියෙනවා. සිංහලයාට විරුද්ධ යූඇන්පීය ටෙලෝ වගේ සුළුතර සුළු පක්ෂ බෙදිලා විනාශ වෙන්නේ ඒ නිසයි. ඔවුන් මොන කුමන්ත්‍රණ කළත් අපේ පක්ෂය නොබෙදී කවරදාවකවත් නැති අන්දමට ශක්තිමත්ව නැගී සිටියේ ඒ නිසයි. ඉතින් ඔය සුළුතර ජාතිවාදියෝන්ට කියන්නේ දෙවියෝ කෝප කරගන්නේ නැතිව අපේ ආණ්ඩුවට සහය දෙන්න කියලයි. නැතිනම් විනාශ වෙලා යාවි.
ඕගොල්ලෝ ඕනෑතරම් සංවිධාන හදාගෙන බෙදෙන්න අපේ කිසිම බාදාවක් නැත.