(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක ධුරය ඇතුලූ සියලූ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පකෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ලබන බ‍්‍රහස්පතින්දා(5) කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව කැදවා ඇතැයිද මහලේකම්වරයා සදහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙම හමුවේදී පක්ෂයේ තනතුරු ඇතුළු සියලූම ගැටලූ සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් මත තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සදහන් කළේය.
එමෙන්ම ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරිම ස`දහා වන ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිලිබඳ මෙම හමුවේදී අවධානය යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එක්කෝ නවීන්ට දෙන්න. නැත්තම් විසුරුවලා දාන්න. රනිල් ඕක 25 වසරක් තියන් කෑව එක විතරයි කරේ. කිසිම ජාතික නායකයෙක් හදලා නෑ අනාගතය ගැන හිතලා. කවුරු මොනවා කිව්වත් රනිල්ට වැඩ බැහැ.
ඔය යූඇන්පී එක අහවල් මගුලකට තියෙනවද? අපේ ආණ්ඩුව සහ අපේ පක්ෂය විතරක් තිබ්බාම ඇති, චීනේ වගේ එකපක්ෂයක් රට කරනවා නම් දියුණු වෙනවා. අද චීනේ ලෝකයේ මහා බලවතුන් අතරෙත් අංක එක... ඉතින් මේ යූඇන්පී, ජේවීපී වගේ සුළුසුළු පක්ෂ විසුරුවා දමන්න ඕනෑ. රටකට එක පක්ෂයක් තිබ්බාම ඇති..!