(නිමන්ති රණසිංහ)
හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම චෝදනා ගොනුකර ඇති බැවින් නඩුව ඉල්ලා අස්කරගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ ආධිපත්‍ය දෝරේ ගලනවා.
නඩුව ඉල්ලා අස්කර ගත්තම කොහොමත් නිදහස්.
එහෙනම් බලයක් නැතුව පවරපු මේ නඩුව වෙනුවෙන් දරපු වියදම අධ්යක්ෂ ජනරාගේ වැටුපෙන් අය කරගත යුතුයි.
ඔබතුමා පමණක් නොවේ. මේ රටේ දේශපාලන බලධාරී උතුමන්ලා කිසිදිනෙක කිසිවක් සොරකම් කොට නැත. කරන තරමක් හොරකම් සියල්ලම සිදුකොට ඇත්තේ මේ රටේ ජනතාවයි. හැකි තරම් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න. කිසිම විවාදයක් නැහැ. අපි ඒ දඬුවම් වලට යටත් වන්නෙමු.
සුමානෙට එක ගානේ ෆයිල් වහගෙන වහගෙන ගිහිල්ලා අන්තිමේ අල්ලස් හෝ දුෂණ එකත් වහමු ඒ ගැම්මට ම ..
හරි කතාව තමා (ගමේ භාෂාවෙන් කියනවා නම්) අඩුපාඩු සහිතව නඩුව ඉදිරිපත් කර තිබූ නිසා නඩුව වීසි කරන ලදී කියා කීම.
පෙරමග ලකුණු සුභයි. ජය නියතයි ! සත්‍යය කවදා හෝ ජයගන්නවා කියන්නේ මේකට.
කොමාරිස්වරුන්ගේ අත්සන් අවශ්‍යනම් මොකද ඒවා නැතුව නඩු ගොනුකරන්නේ කියන ප්රශ්නය එනවා. ඒ නිලධාරීන් අකාර්යක්ෂමද නැත්නම් කොමසාරිස්වරුන්ට නොදන්වා තම හිතුමතේට වැඩකරාද එහෙමත් නැත්නම් කාගෙහරි උවමනාවකට කරපු දෙයක්ද ?