(නාලක සංජීව දහනායක)
අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (3) පෙරවරුවේදී විවෘත කරනු ලැබීය.
කොළඹ, 03 කොල්ලූපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ, අංක 101 දරණ ස්ථානයේ (අරලියගහ මන්දිරය අසල) මෙය පිහිටුවා ඇති අතර ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ගැටලූ සම්බන්දයෙන් මෙම ස්ථානයට පැමිණිලි කිරීමට හැකියාව ඇත.
එහිදී අගමැතිවරයා පවසා සිටියේ තමන්ගේ ප්‍රශ්න සම්බන්දයෙන් ඕනෑම කෙනෙකුට මහජන සම්බන්දතා ඒකකයට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවය.
එම ලිපි සියල්ලම අමාත්‍යංශවලට හා අදාල ආයතනවලට යොමුකරන බවත් එම ගැටලූවලට විසදුම් ලැබෙන්නේද යන්න වෙනමම සොයා බලන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
(ඡයාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහාට මෙහාට ලියුම් පමණක් හුවමාරු නොවී අදාළ ජනතා ගැටලුවලට විසදුමක් ලබාදීම වැදගත්.
ගරු අධිකරණයේ සිදුවෙන ආකාරයෙන් මෙහිදීද අසාධාරණකම් කරන උදවියගේ පැමිණිලි වැඩිපුරම ලැබිය හැකිය. ඉස්සෙල්ලාම ලැබෙන පැමිණිලි පිළිබඳ ඉක්මනින්ම සොයා බලා ඉන්පසුව අවශ්‍ය තැන් වලට යොමුකළොත් සාධාරණය ඉටුවිය යුතු තැන් වලට සාදාරණය ඉටුවේවි. නැතිනම් ලිපිගොනු රැසක් පමණක් හා අසාධාරණයන් රැසක් සිදුවිය හැකිය.
සර්ට අමුතුවෙන් මහජන සම්බන්ධතා ඒකක ඕනේ නැහැ. සර් මහජනයාගේ නාඩි අඳුරන විශිෂ්ඨ දේශපාලනඥයෙක්.
පවුල් පාලනේ කාලේ වැඩ කරපු හැටි මතක් වෙනකොට දැන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා කවුද දන්නේ ? පටන් ගන්න කොට ඔහොම තමා.
ඔතෙන්ට අනුයුක්ත කරන නිලදාරීන් සම්බන්ධව විමසිල්ලෙන් ඉන්න. සමහරු කැමති නෑ දක්ෂයන් ලං වෙනවට අදහස් දක්වනවට. ඔවුන් සම්බන්ධීකරණ බාධකයක් වෙයි. 2005-2015 කලේ එහෙම වුණා
මානව හිතවාදි සංකල්පයක් දේශපාලනයට පහල සිට ඉහලට තමාගේ මල්ල සරිකර ගැනිම පමනක් සිදු වෙනවා .
මේ ැඩේනම් හොදයි. මට ැනගන්න පුලුවන්ද පුද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ට මේ මස වටුප් ගෙවා නොමතිනම් ඒ ගෙන කොහේටද පැමිණිලි කරන්න ඕනා කියලා ?