( ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා රඳවා සිටින ඒ-1 සිර මැදිරියේ අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු ජංගම දුරකතනයක් බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින් සොයාගෙන තිබේ.
කොළඹින් ගිය බන්ධනාගාර නිලධාරීන්ට ලැබුණූ තොරතුරක් මත මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර එම සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ මෙම සැකකරු පමණක් බවඳ දැනගන්නට තිබේ.
මෙම සැකකරු කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බූස්ස බන්ධනාගාරයට රැගෙන විත් ඇත්තේ පසුගිය 30 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කතාවක්.....
කලින් වගේ අාපහු එස්.ටී.එෆ් එක යවලා මේ වගේ අය ඔක්කොම හිරගෙදර ඇතුලේම ඉවරයක් කරන්න ඕනේ.
මේ සේරටම උදව් කරන්නේ බන්ධනාගාර නිලධාරීන්...
මේක ඉතින් අලුත් කතාවක් නෙමෙයිනේ හිර ගෙදරට මොනවද නොයන්නේ? දන්නා කාලේ ඉදලම සිද්ධ වෙන ක්රියාවලියක්නේ.
මේ කීවෙනි දුරකතනයද? දුරකතනයක් තරම් ලොකු දෙයක් ඕක ඇතුලට යවන එක මේ තරම් පහසුනම් මත්ද්‍රව්‍ය යවන එක කිරිකජු කනවා වගේ ඇති.
අපේ ආණ්ඩුව නැත්නම් එයත් අද එළියේ බිස්නස්. අපේ ආණ්ඩුව ආ නිසානේ මොහු හංගගෙන ඉන්න ෆෝන් අහු වුනේ. හොයලා බලන්න ඕන ඕකටත් යූඇන්පී කාරයෙක් ගෑවිලා ඇති.
මට හීනෙන් වගේ මතකයක් තියෙනවා මාකඳුරේ මදූෂ් කියලා කෙනෙක් කොහෙද රටක ඉඳන් මෙහෙ එක්කන් ආවා කියලා. එයා හැබෑටම දැන් චන්ද්‍රිකා දුරකථන එහෙම තියාගෙන කොයි ලොකු මහත්තයාගේ බංගලාවේද වැඩවාසය කරනවා ඇත්තේ?
බන්ධනාගාරේ ඇතුලේ තියෙන දේවල් දැනගන්න, ඉඳලා ආපු එක්කෙනෙක්ගෙන් අහන්න. මම නම් අහලා තියෙන විදිහට පිරිමි අය එ්කේ නැත්තේ එළියේ ඇවිදින්න බැරි හින්දලු... බොරු කියන්නේ කියලා හිතෙනවා නම්, පොඩි වැරැද්දක් කරලා සතියක් ගිහින් එන්න. රටට බුදු සරණයි.
මෙවැනි අය සඳහා වෙනමම නිලධාරී කණ්ඩායමක් පත්කළ යුතුවේ. යම් හෙයකින් නීති විරෝධී භාණ්ඩයක් සිරකුටි තුළ තිබී හමුවුවහොත් එම නිලධාරීන් වග කිවයුතු බව ඔවුන්ට දැන්විය යුතුය. එතකොට මන් දන්නේ නැහැ කියන්න බැහැ..