නීතී විරෝධිව ගෙන ආ දුරකතන කරඳමුංගු ගුවන්තොටේ හිරවෙයි
රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගියෙකු අද(28) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .