පෞද්ගලික බස් ධාවනය අඩකින් පහළ බසී සාමාන්‍යයෙන් ධාවනය වන පෞද්ගලික බස්රථ ප්‍රමාණයෙන් අද ධාවනය වූයේ 50% ආසන්න ප්‍රමාණයක් පමණකැයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 20 July 2020
ඉන්දියාවෙන් ආසාදිතයන් 40,400ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ලෙස දැක්විණි. 20 July 2020
කුරුදු පොලු නඩුව සැප්තැම්බර් 30 වැනිදා විභාගයට කුරුදු පොලු නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගන්නා බවත් එදිනට සියලුම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (20) නියෝග කළේය. 20 July 2020
පාඨලීට සිතාසි හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට ලබන අගෝස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (20) සිතාසි නිකුත් කළේය. 20 July 2020
දම්සෝපුර ගම්මානය දළඹු ආක්‍රමණයක් දින කිපයක සිට මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ නිවාස දළඹුවන් දහස් ගණනක් පැමිණ ආක්‍රමණය කිරිම නිසා එහි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති. 20 July 2020
මහ වැස්සෙන් යට වුණ කොළඹ පැවැති අධික වර්ෂාවත් සමඟ කොළඹ බොහෝ මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දකින්නට ලැබිණි. 20 July 2020
උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි මේවන විට උතුරු මැද පළාතේ ගුරු හිගය 2000ක් දක්වා වර්ධනය විමේ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය බිදවැටි ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය. 20 July 2020
සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වයි මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ එළිදැක්විණි. 20 July 2020
පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙනියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයන් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තන් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි . 20 July 2020
බාලවයස්කාර පුතාට වද හිංසා කළැයි පියාට වසර 20 ක අත්හිටවු සිරදඩුවම් සිය බාල වයස්කාර පුතාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට පයින් පහරදී ඔහු කෲරත්වයට පත් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා අබාධිත සෙබෙළකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමකළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පලාත් බද සිවිල් අබියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 අත් හිටුවීමට අද (20) නියෝග කෙරිණි. 20 July 2020
අගමැති කතරගම දේවාලය වැඳපුදා ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් (20) රුහුණු මහා කතරගම දේවාලය වැඳපුදා ගෙන බාරහාර වීම පිණිස පැමිණියේය. 20 July 2020
ගාල්ලේ වතුර බස්සන්න මෝඩි ඇළ සුද්ද කරයි ගාල්ල නගරයට එකතුවන වැසි ජලය බැස යාමට ඉදිකර තිබූ මෝඩ් ඇල, මාගාල්ල පැරණි පොම්පාගාරය අසළින් අවහිර වී තිබීම හේතුවෙන් අද (20) ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ජලය බැස යාමට දැඩි බාධා එල්ල වී තිබිණි. 20 July 2020
මැතිවරණ පැමිණිලි වලට වෙබ් අඩවියක් මැතිවරණයේ දී පොදු දේපල අවභාවිතා කරන්නන් පිළිබඳව තොරතුරු දැනගැනීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය apesalli.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත. 20 July 2020
ලංකාපුරට සංචරණ සීමා පනවා ඇතැයි පැතිර යන කතාව අසත්‍යක් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා රෝගීන් විශාල පිරිසක් හමුවී ඇති බවට සහ සෞඛ්‍ය බලධාරින් විසින් එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවට පැතිරයන කටකථාවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 July 2020
බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණය කියයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (20) දිනයේදී මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2020
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ 30කගේ පීසීආර් සාම්පල ගනී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පී සී ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද(20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි. 20 July 2020
ගංවතුරෙන් කඩවත් සතර පවුල් 862 ක් අවතැන් වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ පවුල් 862කට අයත් පුද්ගලයින් 3375 දෙනෙකු අවතැන්ව ඇති බව ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සදහන් කළාය. 20 July 2020
ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග ඔක්තෝබර් තෙක් කල්යයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීමටත්, අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිටත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 20 July 2020
දාහත් හැවිරිදි දරුවකුගේ සිරුරක් ඇළකින් හමුවෙයි සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ ඇළක තිබී 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව සාලියවැව පොලීසිය කියයි. 20 July 2020
දක්ෂිණ අධිවේගයේ ඉමදූව-පින්නදූව අතර පස් කන්දක් කඩා වැටෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම 6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇත. 20 July 2020
මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැකීම මහ බැංකුවේ වගකීමක් තවත් මූල්‍ය ආයතන දෙකක තැන්පත්කරුවෝ පසුගිය 13 වැනිදා සිට උණුවතුරට වැටී සිටිති. ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් නම් ආයතනවල ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීම හේතුවෙන් මෙසේ එකොළොස් දහසකට ආසන්න තැන්පත්කරුවන්ගේ අනාගතය මහපාරට ඇද දමා තිබේ. මේ අය අතුරින් කිසියම් පිරිසකට තැන්පත් මුදල් ගෙවන බවටත් ඉතිරි පිරිසට ලක්ෂ 06ක මුදලක් ලබා දෙන බවටත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ. 20 July 2020
දිස්ත්‍රික් 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම් අධික වැසි සහිත පවතින කාල ගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ. 20 July 2020
දක්ෂිණ අධිවේගියේ කොක්මාදූව-පින්නදූව අතර ගමනාගමනය නවතී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම 6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි . 20 July 2020
රිය අනතුරින් යුද හමුදා සෙබළෙක් මරුට නුගේගොඩ ගුවන් පාලමේදී බස් රියක් සහ යුද හමුදා කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් දෙදනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 20 July 2020
ගං වතුරෙන් ගාල්ල යට වෙයි ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථාන පවසයි 20 July 2020
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව ගත වූ පැය 24 දී පුද්ගලයින් 409 ක් අත්අඩංගුවට ගත වූ පැය 24 ක කාලයේදී බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 409 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 20 July 2020
ජනාධිපති ආරක්ෂක අංශයේ රථ දෙකක් මහරගම දී අනතුරකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර නගරයේදී එකිනෙක ගැටීමෙන් අද (19) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි. 19 July 2020
දූලිඇල්ලේ දිය නෑමට ගිය අයෙකු මරුට නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පුද්ගලයකු අද (19) පස්වරුවේ දි මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි. 19 July 2020
රොෂාන් රණසිංහගෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට බාධා පොලොන්නරුව දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන රොෂාන් රණසිංහ මහතා මැතිවරණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලොන්නරුව , නවනගරයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට අද (19) බාධාකළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම කියයි. 19 July 2020
තවත් ආසාදිතයින් 9 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ. 19 July 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026