‘‘වරාය පනත කල් දමන්න‘‘ ‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති. 19 May 2021
ගුවන් යානා පැමිණීම දින 10කට නවතයි මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අනිද්දා (21) සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. 19 May 2021
අවුරුදු අටේ දරුවාට දසවද දුන් පියා අත් අඩංගුවට අවුරුදු අටක පුතාට කෘර ලෙස වධ හිංසා කළ බව කියන පියකු අත් අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි. 19 May 2021
මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 3051 දෙනෙක් අද (19) දිනයේ වාර්තාවූහ. 19 May 2021
ලේ දෙන්න තැන් මෙන්න ලේ බැංකුවේ පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියේ සියලූම ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. 19 May 2021
අම්මා බලා ගන්නවාට පොරොන්දු මුදල නොදුන්නැයි පුතා පොලිසියට 80 හැවිරිදි මව රැක ලබා ගන්නවාට රුපියල් ලක්ෂයක් දෙන බවට අක්කා පොරොන්දු වුවත් එම මුදල නොදුන් නිසා මව තවදුරටත් රැක ගැනීමට නොහැකි බව කියමින් අම්පාර පුද්ගලයකු අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. 19 May 2021
කුරුණෑගලින් ආසාදිතයෝ 68 කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 68 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 19 May 2021
මහනුවර රෝහලේ දි ආසාදිතයෝ නවයක් මරුට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 19 May 2021
විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම 21 සිට උසස්පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම අනිද්දා (21) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 19 May 2021
චීනය එන්නත් ලක්ෂ පහක් ප්රදානය කරයි සයිනොපාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්රදානය කිරීමට චීන රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 19 May 2021
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ 1000 රෝහල්වල කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 19 May 2021
පී.සී.ආර්.වලට බාධා කළ ගමක් හුදකලා කරයි කෑගල්ල සියඹලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආශ්‍රිතයන් පිිසකට පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ ගිය අවස්ථාවේ දී දෙපිරිසක් ගැටුමක් නිර්මාණය කර ගැනීම හෙතුවෙන් පී.සි.ආර් පරීක්ෂණ සිදු නොකොට මුළු ගම්මානයම හුදෙකලා කිරීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි. 19 May 2021
’’වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා’’ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසු එක රටක නීති දෙකක් ඇති වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී අද (19 )පැවසීය. 19 May 2021
’’පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇමරිකා රාජ්‍ය බුද්ධි සේවය හඳුනාගෙන’’ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවය ද තහවුරු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය . 19 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වී ඇතැයි දික්ඔය රෝහල්ප්රකාශකයෙක් කීය. 19 May 2021
උඩින් ගිහින් වැලි ජාවාරම්කරැවන් අල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය මූතූර් සිත්තාර් පාලම අසල මහා පරිමාණ වැලි ජාවාරමක් වටලා ටිපර් රථ 21ක්, බෝට්ටු 34ක් සමග සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 19 May 2021
සෙල්ෆියෙන් ආ මරුවා මැදගම කරමැටිය මොරගොල්ල කන්ද තරණය කර එහි ගලක් මතට නැඟ මිතුරන් සමග සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය තරුණයකු ගල ලිස්සා අඩි සීයක පමණ ප්‍රපාතයකට වැටී මරණයට පත්ව ඇතැයි මැදගම පොලිසිය පවසයි. 19 May 2021
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කරයි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ. 19 May 2021
සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීහු කොරෝනා එන්නත ඉල්ලති සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබානොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 19 May 2021
සංචාරණ සීමා සමයේ ආර්ථික මාධ්‍යස්ථානත් වසයි සංචාරණ සීමා ක්‍රියාත්මක වන ලබන 21 වැනිදා රාත්‍රී 11.00 සිට දින හයක් සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන වසා තැබීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසීයි. 19 May 2021
තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක් කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි. 19 May 2021
දොඩම්පහල චන්ද්‍රසිරි මහා නා හිමියෝ සේරුවිල රජමහා විහාරාධිපති ධූරයට සේරුවිල මංගල රජමහා විහාරයට ස්ථිර විහාරාධිපති නමක් පත් කර ගන්නා තෙක් එහි විහාරාධිපති ලෙස රාජගිරිය කලපාලුව ගෝතම තපෝවනාරාමාධිපති දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර කල්‍යණ වංශ පාර්ශවයේ මහා නායක හිමියෝ පත් කර සිටිති. 19 May 2021
‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 19 May 2021
මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන් 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 19 May 2021
ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි. 19 May 2021
වරාය නගර පනත මුදල් සභාවට ඉදිරිපත් නොකිරීම වරදක් කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය . 19 May 2021
වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය . 19 May 2021
වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි. 19 May 2021
කොරෝනා වැළඳි රත්නපුරේ කාන්තාවෝ දෙදෙනෙක් මරුට රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි. 19 May 2021
වරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්න කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)ඉල්ලීමක් කළේය. 19 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026