ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගන්න උත්සාහයක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. 20 May 2021
ගිලන් රථවලට අධිවේගය නොමිලේ අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 20 May 2021
මුදල් ඔට්ටුවට කැට ගැසූ මව දියණිය ඇතුළු පහක් අල්ලයි බේරුවල,වලතර,අකුරැස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ බව කියන කාන්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු කැට සූදුවට යොදාගත් රුපියල් 26000 ක මුදලකුත් සමඟ බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අංගුවට ගත් බව කියයි. 20 May 2021
ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘ වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 20 May 2021
පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක් පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඉකුත් 24 පැයේ කෝරෝනා වයිරසය ආසාදනය වූවන් විසි දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 May 2021
ඉපලෝගම පොලිසියේ 15කට කොරෝනා ඉපලෝගම පොලිසියේ පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි ඉපලෝගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ජයසුරිය මහතා පවසයි. 20 May 2021
‘‘අක්ෂි රෝහලට එන්න පෙර දිනයක් වෙන් කර ගන්න‘‘ කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නැයි එම රෝහලේ අධ්යක්ෂවරයා රොගීන්ගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘ කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 20 May 2021
‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. 20 May 2021
කළුතර දිසාවෙන් කොරෝනා ආසාදිතයන් 242 කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 242ක් ඉකුත් 24 පැයේ හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 20 May 2021
එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 20 May 2021
මුජිබර් රහුමාන්ටත් කොවිඩ් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති . 20 May 2021
වරාය නගර පනතේ ඡන්දය අද සවස කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය . 20 May 2021
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. 20 May 2021
රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසී ය . 20 May 2021
මුහුදේ දිය නෑ උසස් පෙළ සිසුවා ගසාගෙන යයි අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි. 20 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 20 May 2021
බොරු පොරොන්දු දී මුදල් ගැරූ දෙකක් අල්ලයි අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 20 May 2021
වැස්ස වැඩි වෙයි දිවයිනේ නිරිතදිග කොටසේ එනම්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2021
දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙයට පොලිස් වසම් තුනක් ද ඇතුළත් ව ඇත. 20 May 2021
නිරෝධායනය කැඩූ 493ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 493 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 20 May 2021
කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යයි කොරෝනා වයිරසය ආසාදිතය වූ මෙරට මුළු ගණන 15,0000 සීමාව ඉක්ම යද්දී මුළු මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ ගියේය. 19 May 2021
කම්කරු කොමසාරිස් ජනරාල්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලියයි ‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම පිළිබඳව අවදානය යොමු කර රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කළාපවල සේවය කරන ගර්භණී මව්වරුන්ට ද ලබාදිය හැකි නම් අගය කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම්දී තිබේ. 19 May 2021
‘‘රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට කොරෝනා එන්නත‘‘ ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ තිබෙන සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන අඩුම තරමින් මේ වන විට මෙරට ජනගහනයෙන් අඩකටවත් කොරෝනා එන්නත දීමට පියවර ගනු ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. 19 May 2021
එජාප ප්රතිසංවිධාන යෝජනා ජුනියේ සිට කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් දුන්නේය. 19 May 2021
‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ චාම් හා අභිමානවත්ව තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 12ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසලදී සෞඛ්යාරක්ෂිත, චාම් හා අභිමානවත් අයුරින් අද පස්වරුවේ පැවැත්විණි. 19 May 2021
හැත්තෑ හැවිරිදි සැමියා බිරියත් ලේලියත් කපා මරයි හුංගම ඇත්බටුව ප්‍රදේශයේ හැත්තෑ හැවිරිදි සැමියා සිය බිරිඳ සහ බාල පුතුගේ බිරිය (ලේලියට) කැත්තකින් කොටා සිය නිවස ඉදිරිපිට මිදුලේ ඝාතනය කර ඇති බව හුංගම පොලීසිය කියයි. 19 May 2021
උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව පෙත්සමක් යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. 19 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026