
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ඉල්ලීමක් කළේය.
නව සංශෝධන රැසක් එකතු කිරීමට ඇති හෙයින් ඉදිරියට එන්නේ අලුත්ම පනතක් නිසා අපට මෙම සංශෝධන කල්තියා දැන ගැනීමට අයිතියක් තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එම සංශෝධන සියලුම මන්ත්‍රීවරුන්ට අදම ලබා දෙන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය .
මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසූවේ එම සංශෝධන මන්ත්‍රීවරුන්ට කඩිනමින්ම ලබා දීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා යහපාලනේ කාලෙත් මේ විදිහටම උඩු බිරුවා නම් කෙතරම් හොඳයිද?
කට විතරයි... තඹ සතේකට වැඩක් නැති කෙනෙක්...
අනුර මචං, අපි වරාය නගරයේ ඉඩම් වරාය සේවකයන්ට නොමිලේ බෙදලා දෙන්න කියලා උද්ඝෝෂණයක් පටන් ගනිමු. යෝජනාවට එකඟවෙන කම් වරාය ස්ට්‍රයික් කරවමු.. !!!