ගිනි අවි,උණ්ඩ සමග අයෙක් මාට්ටු සමන්තුරෙයි කාරතිව් 2 ප්රදේශයේදීයි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , උණ්ඩ 16ක්, මැගසින් දකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි . 15 December 2021
මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ මීරිගම දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි. 15 December 2021
අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 15 December 2021
සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කඳවනවාද නැද්ද අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. 15 December 2021
මානව හිමිකම් කොමිසමේ නව සභාපතිනී රෝහිණී මාරසිංහ ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණී මාරසිංහ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය. 14 December 2021
දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්රීි ලන්කන් ගුවන් යානයක හයිඩ්රොාලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය. 14 December 2021
නැනෝ තාක්ෂණයෙන් අලුත් පොහොරක් මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට ශ්‍රි ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. 14 December 2021
‘‘ජනවරමට පටහැනිව ආණ්ඩුවට යන්න බෑ‘‘ ඇමති මණ්ඩලයටත් කොළේ වසා යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් පමණක් නොව එල්.එන්.ජී බලාගාරවල ඒකාධිකාරය ඇමරිකා සමාගමකට දෙනවා නම් එය ජනවරමට පටහැනියි යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය . 14 December 2021
පළමු වටයේ අදත් 500 සීමාව පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද(14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 December 2021
කිරි පැකට් 120000 දහසක් වළ දමලා දිගන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරමින් තිබූ මිලි ලීටර 180 දියර කිරි පැකට් එක් ලක්ෂ විසි දෙදහසක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වළක් කපා වල දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ . 14 December 2021
කොරෝනා වයිරසයට අදත් 20ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 December 2021
කාබනික පොහොර වෙනුවෙන් චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක් අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 14 December 2021
ඩෙංගු පාලනයට අලුත් වැඩ පිළිවෙළක් ඉදිරි මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශ හරහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 14 December 2021
මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට එරෙහිව නීතීඥ සංගමයෙන් පෙත්සමක් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 14 December 2021
'ලෙනෝඩ් ධූමකේතුව' ශ්‍රී ලංකාවට පෙනෙන හැටි මේ දිනවල පෘථිවියට දිස්වන ලෙනෝඩ් ධූමකේතුව (සී 2021 ඒ 1) ලබන 18 වැනිදායින් පසු ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට හැකිවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 14 December 2021
'රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලයි' රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ (2022) යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වාහාම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 14 December 2021
සිලින්ඩරයේ ගෑස් සංයුතිය කියන්න උසාවියෙන් සමාගමට කල් දෙයි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අඩංගු කළ හැකි සංයුතිය කුමක්ද යන්න සහ එම සංයුතිය අදාළ සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමට හෙට (14) වන තෙක් ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 December 2021
මුතුරාජවෙළ මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර ’’රැම්සා’’ තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන අප්‍රේල 08 වැනිදා තෙක් පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) එකගත්වය පළ කලේය. 14 December 2021
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ තිදෙනකු මාට්ටු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් මෝටර් රථයක් සමග අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය පවසයි. 14 December 2021
මිනිත්තු 20 කින් ’ඔමික්‍රෝන්’ සොයන්න පරීක්ෂණයක් අණුක රෝග විනිශ්චය ක්‍රමවේදයක් හරහා මිනිත්තු 20 ක් ඇතුළත ’ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයක් හඳුන්වා දීමට කොරියානු පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 14 December 2021
ලස්සනයි පෞරුෂයයි එකට එක්කර විශ්ව රූ රැජින කිරුළ පැළැඳුවාය ඕ... සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න.ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි.’’ ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනා දුන් 21 හැවිරිදි ඇය ගැන් දැන් ලොවක් කතා වන්නේය. 14 December 2021
‘‘ආරක්ෂක මණ්ඩලයට හිටපු අගමැති එනවාට හිටපු ජනපති කැමැත්තක් දැක්වුවේ නෑ‘‘ 2018 දෙසැම්බර් 20 වැනිදායින් පසු පැවැත්වු ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවුයේ නැතැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසු විට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අප කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද පැවසීය. 14 December 2021
‘‘අමතක කළ වේදනාත්මක මතකයක් යළි මතක් කරන්න එපා‘‘- විනිසුරු මඩුල්ල කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කුදා දේව මෙහෙය සිදුකරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් සමඟ මුළු දේවස්ථානයම දුමෙන් වැසී ගිය බව පැවසු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දේව මෙහෙය පවත්වමින් සිටි ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා දැඩි හැඟුම්බරවීම හේතූවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි විය. 14 December 2021
'පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි' සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. 14 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍යාධිකාරීගේ සාකච්ඡාව වර්ජනය කරති දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වර්ජනයක නිතරව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමයට ලබාදුන් සාකච්ඡා අවස්ථාව වර්ජනය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය. 14 December 2021
තරුණ සේවා සමාගමට විදේශ රැකියා 15,000 ක් තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය. 14 December 2021
'බෝග වර්ග හතක බීජ ආනයනය සීමා කරයි' මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය කිරීම සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 December 2021
කිරිපිටි ආනයනය අත්හිටුවයි ? කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්යක්ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 December 2021
එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා මාට්ටු පානදුර පින්වත්ත පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුපියල් 81000ක අඩංගු මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා දින හතරක් තුළ දී වල්ගම සුසාන භූමිය අසල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 14 December 2021
සිංහරාජයේ අතුරුදන් වූ කතුන් දින 3කට පසු හමු වෙයි එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනා දෙනියාය ප්‍රදේශයේ සොයාගත් බව පොලිසිය කියයි. 14 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026