IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  )

පානදුර පින්වත්ත  පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුපියල් 81000ක  අඩංගු මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා දින හතරක් තුළ දී වල්ගම  සුසාන භූමිය අසල දී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

 සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසීයක් ,සොරා  ගත් මුදලින් රුපියල් තිස් එක් දහසක් , සොරා ගත් මුදල් පසුම්බිය මෙන්ම සොරකම සඳහා යොදාගත් පාපැදිය ද   සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 

උප පොලිස් පරීක්ෂකවරයා රැකියාව නිමවා නිවසට යමින් සිටියදී නිවසේ අවශ්‍යතාවයකට  රයිගම ප්‍රදේශයේ වෙළෙඳ සලක් අසල තම කැබ් රථය නවතා වෙළඳසැලට ගොස් යළි කැබ් රථය වෙත පැමිණීමේ දී ඒ තිබූ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබිණි .

ඒ සම්බන්ධයෙන්   වහා ක්‍රියාත්මක වූ  උප   පොලිස් පරීක්ෂකවරයා  වෙළඳසැලේ සහ ඊට ආසන්න  වෙළඳසැලක සි සි.ටි වි කැමරා දර්ශන පරීක්ෂා  කිරීමේදී පාපැදියකින් ඒ ආසන්නයේ ගැවසෙන පුද්ගලයකු පාපැදියෙන් බැස පැමිණ  රථය තුළ තිබූ  මුදල් පසුම්බිය සොරා ගන්නා අයුරු  සටහන්ව තිබූ බව පොලිසිය කියයි. 

අදාල උප පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකින්  අනතුරුව බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් 88934 කරුණාජීව මහතා ලබා දුන් තොරතුරක් අනුව සැකකරු පා පැදියෙන්  යමින් සිටියදී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු ගංජා සහ හොරෙන් මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූවකු වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී  ගංජා සමග පොලිස් අත්අඩංගුවට  පත් වූවෙකු බව පොලිසිය කියයි. 

 අත්අඩංගුවට ගත් සැකකරු පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි. 

 

 

 



අදහස් (1)

එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා මාට්ටු

de silva Tuesday, 14 December 2021 02:58 PM

රුපියල් 81000 ක් සාක්කුවේ දමාගෙන කැබ් රථයෙන් වැඩට යන්න මූලික වැටුප රුපියල් 50000 ක් පමණ ලබන උප පොලිස් පරීක්ෂක කෙනෙක් ගැන ඇහුවම මොකද සිතෙන්නේ?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 676 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site