දුම් පානයෙන් - වායු දූෂණයෙන් බෝ නොවන රෝග අවදානමක්
අපේ රටේ සිදුවන පුද්ගල මරණ අනුපාතයෙන් සියයට අසූ තුනක්ම බෝ නොවන රෝග ආශ්රිතව වාර්තා වූ මිය යාම් වේ. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය ( ආඝාතය), පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය යාම වැඩි බව මේ වනවිට රහසක් නෙවෙයි.