IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දුම් පානයෙන් - වායු දූෂණයෙන් බෝ නොවන රෝග අවදානමක්

අපේ රටේ සිදුවන පුද්ගල මරණ අනුපාතයෙන් සියයට අසූ තුනක්ම බෝ නොවන රෝග ආශ්‍රිතව වාර්තා වූ මිය යාම් වේ. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය ( ආඝාතය), පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය යාම වැඩි බව මේ වනවිට රහසක් නෙවෙයි. ඊට අදාල වන අවදානම් සාධක ලෙස දියුණු වන සමාජ ක්‍රමයත් සමග ශ්‍රීඝ්‍රයෙන් වෙනසකට භාජනය වූ අපේ අහිතකර සේම අවිධිමත් ආහාර රටාව, කාර්ය බහුලත්වය මැද මඟහැරුණු ව්‍යායාම් ක්‍රම, දෛනික පුරුද්දක්ව ගිය මත් පැන් සහ දුම්පානය මෙන්ම වායු දූෂණයත් හේතු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි වායු දූෂණය නිසා වර්ෂයකට පුද්ගලයන් ලක්ෂ70ක් (මිලියන 07ක්) මිය යන අතර ඉන් සියයට 50ක්ම මිය යන්නේ හෘදයාබාධ සහ ආඝාතය හේතුවෙනි. එසේම හෘද රෝග නිසා සිදුවන මරණවලින් සියයට 25කටත්, ආඝාතය නිසා සිදුවන මිය යෑම්වලින් සියයට 24කටත් හේතු වන්නේ වායු දූෂණය බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

එබැවින් වායු දූෂණය ගැන අපි වැඩි දුරටත් කතා කරද්දී ගෘහස්ත වාතය දූෂණය වන ක්‍රම මෙන්ම පරිසරයේ සිදුවන වායු දූෂණය එනම් වාහනවලින් පිටවන දුම, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන දුමත් සෘජුවේම බලපානු ලැබේ. මේ අයුරින් දූෂණය වූ වාතය පෙනහලු පිළිකා, ඇදුම හා ශ්වසන රෝග ඇති වීමට මුල් වේ. මෙයාකාරයෙන් විවිධාකාරව දූෂණය වුණු වාතය ආඝ්‍රානය නිසා ගැබිනි මවුවරුන්ට නොමේරූ දරු උපත් ඇති වීම පවා සිදුවේ. එසේම අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය වැනි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති කරමින් අකාල මරණ ඇති කිරීමටත්, ඩිමෙන්ෂියාව මෙන්ම ඇස්වල, සමෙහි අසාත්මිකතා ඇති කිරීමටත් හේතු වන බව ඔබ දැන සිටියාද?

නිවෙස් තුළ නිසි වාතාශ්‍රයක් නොමැති නම් ආහාර පිසිද්දී පිටවන දුම සේම දුම්පානය කරන සාමාජිකයකු වෙත් නම් ඒ පිටවන දුමද නිවස අභ්‍යන්තරයෙහි එක් රැස් වේ. නිවසෙහි නිතරම දුම් ගතිය පිරී පවතී නම් ගැබිණි මවකට මෙම පරිසරය ඉතාම අවදානම් වේ. ගර්භනී කාලයේ මුල් අවදියේ සිටම මවුකුස තුළ වැඩෙන කළලයට පවා බලපෑම් ඇතිකරලිය හැකියි. අඩු බර උපත් සහිත දරුවන් බිහිවේ. සාමාන්‍යයෙන් නිරෝගීව නිසි උපත් බරක් හිමිව දරුවකු බිහි වුණද ළමා අවදියේදී නිවසේ මෙන්ම මඟතොටේදීද නිතරම දුම ආඝ්‍රානය කළහොත් ශරීර වර්ධනය බාල වීමට, පෙනහලු වර්ධනය හීන වීමට, ඇදුම වැනි රෝගී තත්ත්වාදියට ගොදුරු වීමට මෙන්ම රුධිර වාහිනී ඝන වීමටද හේතු වේ. මෙවන් පරිසර තත්ත්ව මත හැදී වැඩෙන දරුවා ක්‍රමයෙන් වැඩිහිටියකු බවට පත් වන විට ඇදුම, හෘදයාබාධ, පෙනහලු රෝග, අංශභාගය, දියවැඩියාව යන රෝගවල ගොදුරක් වීම වැලැක්විය නොහැකිය.

ක්‍රමක්‍රමයෙන් ජීවිතයට එකතු වන මෙම අහිතකර සාධකය වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි. එමෙන්ම අඩු වයසින් බෝ නොවන රෝගවලට ඔබ ගොදුරු කරවයි. විශේෂයෙන්ම සමාජයේ මරණ අවදානම වැඩි කරවන ප්‍රධනාම හේතුවක් ලෙස වායු දූෂණයේ තරම සුළු පටු නොවන බව පැහැදිලිය.

වායු දූෂණය හෘදයාබාධ, ආඝාතය වැනි රෝගවලට මුල් වන අයුරු

දූෂණය වූ වාතයේ විවිධ දූවිලි අංශු, වායු වර්ග, කුඩා රසායනික අංශු මෙන්ම ක්ෂුද්‍ර ජීවී කොටස්ද අන්තර්ගතයි. මේ බොහෝ දේ ඇසට නොපෙනෙන තරම් සියුම් අංශු වුවද අප ශ්වසනය කිරීමේදී වාතය සමග මේවාද අපේ පෙනහලු තුළට ඇතුළු වේ. පෙනහලුවල ඇති ඉතා සියුම් ගර්නිකා තුළ ඇති පටල හරහා එම අංශු රුධිරවාහිනීවලට එකතු වේ. එවිට එම අංශු රුධිරවාහිනීවල අභ්‍යන්තරයේ පිහිටා ඇති සියුම් පටලය පසාරු කරගෙන රුධිරවාහිනී බිත්තියට ඇතුළු වේ.

කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදුවුව හොත් රුධිරවාහිනී ඝන වීම මෙන්ම පටු වීමටද මෙහිදී සිදුවන ක්‍රියාවලි හේතු වෙයි. ඒනිසා අධික පීඩනයක් යටතේ රුධිරය පොම්ප කිරීමේ තත්ත්වයකට හෘදය හා රුධිර සංසරණ පද්ධතිය ක්‍රියා කරයි. එවිට ‘ අධි රුධිර පීඩනය ’ තත්ත්වය ඇතිවේ.

එමෙන්ම දුමෙහි ඇති විවිධ අංශු හේතුවෙන් රුධිරය උකු වීමට හා රුධිර කැටි ඇති වීමට සුදුසු පසුබිමක් සැකසේ. උදාහරණයක් ගතහොත් නිරන්තරයෙන් දුම් බොන්නන්ගේ සිගරට් දුමෙහි ඇති ‘නිකොටින්‘ නම් රසායනිකය නිසා රුධිරය උකු වීම පෙන්වා දිය හැකිය. එවිට මෙවැනි කැටිති හෘදයට රුධිරය සපයන රුධිරවාහිනියක හිර වුව හොත් ආඝාතය හෙවත් අංශභාගය ඇති කිරීමටත් හේතු වේ. එපමණක් නොව හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මගින් සිදුවන හෘදය ස්පන්දනය වීමේ ක්‍රියාවලියටද බාධා පමුණුවීමේ හැකියාව වැඩියි.

විවිධාකාරව ‘දුමට‘ ගොදුරු වන අප ඉන් වැලකෙන මග

නිවසේදී අහිතකර දුමෙන් වැලකෙන අයුරු

මුළුතැන් ගෙයි ආහාර පිසීමේදී හොඳින් ජනෙල් කවුළු විවරව තබන්න.

විවිධ තෙල් වර්ග රත් කිරීමේදී නිකුත් වන දුම්වලින් හැකිතාක් ඈත් වන්න

ගර්භනී මවක් නම් මෙම දුම් ආඝ්‍රානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැලකිය යුතුය.

නිවසේදී සංවෘත පරිසරයක් තුළ දුම්පානය කිරීමෙන් වලකින්න

මෙමගින් විවෘත පරිසරයක දුම්පානය කිරීමට කිසිසේත්ම අනුබල දීමක් නොකෙරේ. දුම්පානය කිරීමේ පුරුද්දට ඇබ්බැහි නොවන්නැයි වෛද්‍ය නිර්දේශයද වන බවට මතක් කරදීමට කැමතිය. එහෙත් විවෘත පරිසරයක හිඳ දුම්පානය කිරීමෙන් පවුලේ සෙසු අයට විස දුම ආඝ්‍රානය වීමේ අවදානම අඩු කරගත හැකිය. ඔබ යම්කිසි අවස්ථාවක සංවෘත වූ ස්ථානයක හිඳ දුම්පානය කළහොත් එහි අහිතකර විපාක ඔබට පමණක් නොව ඔබේ දරුවන්ට සේම පවුලේ සෙසු සාමාජිකයන්ටත් එකසේ වලංගු වේ. එසේම එවන් නිවසක සිටින ගර්භනී මවට, ඉපදීමට සිටින දරුවාට එහි අවදානම බරපතළය.

රැකියා ස්ථානයේදී අහිතකර දුමෙන් වැලකෙන අයුරු

නිතරම දුමට ගොදුරු වනවානම් ඊට අදාල ආරක්ෂක ඇඳුම් කට්ටල පළඳින්න. ඊට අදාල මෙවලම් ඔබ භාවිත කරන්න. ඔබ මෙබඳු අවදානම් වෘත්තියක නියැළෙනවානම් පළමුව ඔබගේ ජීවිතාරක්ෂාව තහවුරු කර ගන්න.

මඟතොටේදීත් අපි පරෙස්සම් වෙමු

නාසය සහ මුඛය ආවරණය වන පරිදි හොඳින් සහ නිවැරැදිව මුව ආවරණ පළඳින්න.

ඔබ වටා සිටින අවදානම නොතකන සියලුම දෙනාට අහිතකර දුමෙහි බරපතළ තත්ත්වය ගැන කියා දෙන්න.

එසේ වුවහොත් වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබට මෙන්ම ඔබේ සමීපතමයන්ටත් හැකි වේ. එසේම කොරෝනා වයිරසයට ගොදුරු වූවත් ඉන් පහසුවෙන් සුවය ලබන්නටත් රෝගයට ගොදුරු නොවී සිටීමට තරම් ප්‍රබල ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීමටත් හැකි වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දුම් පානයෙන් - වායු දූෂණයෙන් බෝ නොවන රෝග අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 75 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 199 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘
2025 මැයි මස 01 125 0

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 484 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 280 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 122 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 324 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site