’’රිවස්ටන්’’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක්
36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී (Singapore International Film Festival) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ, ශ්‍රී ලංකාවේ ’’රිවස්ටන්’’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හොදම අධ්යක්ෂවරයාට හිමි සම්මානයත්, එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරාට හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ ’’සිල්වර් ස්ක්‍රීන් සම්මානයත්’’ (Silver Screen Award) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රියේ පැමිණියහ.