‘‘හයේ ඉංග්‍රීසි මොඩියුලය බරපතල වැරැද්දක්‘‘ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව නිකුත් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය බරපතල වරදකැයි ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඇමැති විජිත හේරත් මහතා පැවැසූහ. 05 January 2026
මස් කඩ සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රා. සභාව ගත් තීරණය සුදුසුකම් සපුරා ඉල්ලන ඕනෑම අයෙකුට ගලේවෙල ප්‍රදේශයේ හරක් මස් විකිණීමට වෙළඳ බලපත්‍ර ලබාදීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් තීරණය කළ බව එහි සභාපති යු .ජි .අයි . කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. 05 January 2026
වායුගෝලයේ කැලඹිල්ල ගිනිකොණ දෙසට පහළ වායුගෝලයේ පැවැති කැලඹිල් ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2026
සොත්ති උපාලිගේ දියණිය - ලේලිය කුඩු සමග මාට්ටු හිටපු පාතාල කණ්ඩායම් සාමාජිකයකු ලෙස හැඳින් වූ අරඹවලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බව කියන කාන්තාව ඇතුලු කාන්තාවන් දෙදෙනකු මත්දුව්‍ය බෙදා හැරීමේ නිරතව සිටියදී අයිස් මත්දුව්‍ය ග්රැමි 7 ක් සමගින් අත් අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසයි. 05 January 2026
වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට 2025 පිනකල් ශ්‍රී ලකා සම්මාන උළලේදී වසරේ ජනප්‍රියතම දිනපතා පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත හිමි කරගත් අතර වසරේ ජනප්‍රියතම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීපයට හිමි විය. 04 January 2026
අණ නොතැකු යතුරුපැදියකට වෙඩි පොලිස් අණ නොතකා පලායමින් සිටි යතුරු පැදියකට වෙඩි තබා සැකකරුවන් දෙදෙනකු අයිස් මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලා වැසියන්ට නොමිලේ Starlink ඇමෙරිකන් ප්‍රහාරවලින් පසුව, වෙනිසියුලා වැසියන්ට නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 January 2026
සතොස හිටපු ප්‍රවාහන ලොක්කෙක් රිමාන්ඩ් කරයි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය . 04 January 2026
‘‘සීගිරියේ පඩි පෙල් ගෙවිලා‘‘ සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාවට වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාව අත්පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාහි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 04 January 2026
කන්ද උඩ හෝටල් සංකීරණයට ගම්වාසීන්ගේ විරෝධය නාය අවදානම් සහිත මහනුවර උඩුවෙල දඵපොතකඩ කන්දේ ඉඳිකරමින් යන හෝටල් සංකීර්ණයක් හේතුවෙන් ගම්මාන රැසක ජනතාව ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා අද පෙරවරුවේ දඵපොතකඩ නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත වුහ. 04 January 2026
පාසල් පොත් වෑන් රිය ගිනි ගනී ගලෙන්බිදුණුවැව පොලිස් වසමට අයත් හුරුලුවැව පිටවාන මතින් ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (04) පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 04 January 2026
අනතුරින් තරුණයාට දිවි අහිමිවෙයි අහුන්ගල්ල -ඌරගස්මංහන්දිය මාර්ගයේ කටුවිලදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කම්බි කණුවල ගැටී තරුණයකු මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි. 04 January 2026
අල්ලස් ගත් එස්.අයි. රිමාන්ඩ් පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පාර්ශවයක් හරහා රුපියල් දහදාහක අල්ලසක් ගැනීමට උත්සාහ ගත් බව කියන කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම් සාහීල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියම කළේය. 04 January 2026
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ කතක් දැලේ කොළඹ ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවසිටි ’’පොඩ්ඩි’’ නැමති ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කාරිය රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.ෙ 04 January 2026
ගුවන් තොටින් රන් පන්නන්න හැදු ගුවන් සේවිකාව මාට්ටු රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද(04 ) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 04 January 2026
ලංකා සතොස හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු අද (04) අත්අඩංගුවටගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 04 January 2026
ඇමෙරිකන් ප්‍රහාරවලින් 40 ක් මරුට වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. 04 January 2026
වෙනිසියුලාවේ වැඩ බලන ජනපතිනී ඩෙල්සි රොඩ්රිගස් ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. 04 January 2026
විදුලි සැරෙන් සද්ධන්තයා නිහඩ වෙයි විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04) සොයා ගැනීමට හැකිවූ බව වැලිකන්ද අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලා වැසියෝ ප්‍රීතියෙන් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වී සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් සතුට පළ කර ඇත. 04 January 2026
වැස්ස වැඩිවන ලකුණු ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2026
කියුබාවටත් අනතුරු වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කියුබාවට ද අනතුරු ඇඟවීමක් කළේය. 04 January 2026
පුටින්වත් අල්ලා ගන්න වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අල්ලා ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි. 04 January 2026
ට්‍රම්ප්ට ඩිමොක්රටික් විරෝධය වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ප්‍රදිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී. 04 January 2026
නොරියේගා පැහැර ගැනීමට සමානයි ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 04 January 2026
වෙනිසියුලාවේ පාලනය ට්‍රම්ප් අතේ ඇමෙරිකන් හමුදා මෙහෙයුමකින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ පාලනය ඇත්තේ තමා සතු බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 04 January 2026
මදුරෝට-බිරිදට අධිචෝදනා ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත. 03 January 2026
මදුරෝ මෙන්ම ප්‍රබල සීලියා වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය. මදුරෝ මෙන්ම ඇය ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණීය බිරිඳ වීමට පෙර ඇය, මදුරෝට පෙර බලයේ සිටි හියුගෝ චාවේස්ගේ විශ්වාසවන්තම නීතීඥවරියයි. 03 January 2026
පුංචි මන්ත්‍රීගේ ගෙට පැන්න කුඩ්ඩගෙන් තියුණු ආයුද ප්‍රහාරයක් දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහිටි නිවසට අද දහවල් 2.30 ට පමණ පැමිණි කුඩ්ඩකු කොල්ලය වැරදී මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකුට තියුණු පිහිවලින් කපා කොටා නිවැසියන් තිදෙනකු හට තුවාල සිදු කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. 03 January 2026
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනා.. 26 April 2026