පිහි ඇනුමකින් අයෙක් මරුට ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය . 14 October 2024
ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක් කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්රාම නිලධාරීවරයා ජන්ද නාම ලේඛනයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පසු ගිය ජනාධිපතිවරණයේ සහ මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේද ඔවුන්ගේ ඡන්ද අයිතිය ඉවත් වී ගොස් ඇති බවට පැමිණිල්ලක් ලංකා කම්කරු රතු කොඩි සංගමයට ලැබී ඇති බව එම සංගමයේ දිස්ත්රික් ලේකම් පී.ඩී.කුමාර මහතා පවසයි. 14 October 2024
බඳින තුවක්කුවට දෙදරු පියා බිලි මහකුඹුක්කඩවල කොරකහයාය ප්රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 14 October 2024
බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක් බඩල්ගම බියරස්ට් වත්ත ප්රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ බොයිලේරුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය පුරා ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 14 October 2024
අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි ප්රවාහන අමාත්යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය. 14 October 2024
පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 14 October 2024
ඇල්පිටිය ප්රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 14 October 2024
පිපිරීමකින් තරුණයෙක් රෝහලේ යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි. 14 October 2024
අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 14 October 2024
ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින් කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්රදේශ ආශ්රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි. 13 October 2024
මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 13 October 2024
ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ශ්රීලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකය යටතේ ඇති 141 පාබල බලසේනා මුලස්ථානයට අයත් 2 වන ශ්රිලංකා යුධහමුදා සේවා බලකායේ භටපිරිස් 13 පස්වරුවේ කටයුතු කළහ. 13 October 2024
අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳවා ගෙන ආවේය. මගුල් කාරය වෙනුවට ඔහුට අගුලක් යොදා ගත්තේය. 13 October 2024
කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්ගලයා ඔවුන් බේරාගැනීමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටී ඇති බවත් කළුතර දකුණ පොලිසිය පවසයි . 13 October 2024
තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 13 October 2024
කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටනෙන් ඉවත් විය. 13 October 2024
වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්යාපන බලධාරීහු පවසති. 13 October 2024
හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය පැවසුවාය. 13 October 2024
ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. 13 October 2024
රට වෙනුවෙන් වැඩ කරන ප්රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්රියාවට නැගීම සඳහා අවශ්ය කරන ප්රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13)පැවසීය. 13 October 2024
පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්රාව හොරට ගහලා බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්ය පොලිස්පතිවරයාගේ නිල මුද්රා සලකුණ ව්යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 13 October 2024
බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොලිසිය පවසයි. 13 October 2024
දේශනයක් අතරතුරේ ප්රධාන අමාත්යවරයා මියයයි ස්කොට්ලන්තයේ හිටප්ර ප්රධාන අමාත්ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය. 13 October 2024
කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්රකාශ කළේය. 13 October 2024
දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්රහාරයක් කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්රදේශය පිහියකින් කපා තුවාල කර දේපොළ පැහැරගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය සඳහන් කරයි. 13 October 2024
ඊශ්රායල ප්රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට ඊශ්රායල හමුදා මධ්යම සහ උතුරු ගාසා තීරයේ ප්රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 13 October 2024
වැස්සෙන් දිස්ත්රික්ක 13කට දැඩි හානි තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 13 October 2024
කමලා හැරිස්ගේ වෛද්ය වාර්තා එළියට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්ය වාර්තා ප්රසිද්ධියට පත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය පියවරගෙන ඇත. 13 October 2024
ගනේමුල්ලේ සංජීව - වෙළේ සුදාගේ සිර කුටි පිටුපස දුරකතන බූස්ස බන්ධනාගාරයේ දැනට රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්රව්ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබු ජංගම දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 13 October 2024
යටගිය අපරාධ උඩට ගනී මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 13 October 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026