නියගය නිසා දිස්ත්‍රික්ක පහක ජනතාව දැඩි අපහසුතාවයක දිවයිනේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අධික නියං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පවුල් අනූදහසකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අනූතුන්දහසක පිරිසක් දැනට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ලංකාදීපයට පැවසීය. 28 February 2018
නීතිය හා සාමය වෙනත් ඇමැතිවරයෙකුට ලබාදීම ස්ථීරයි - රාජිත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබාදීම සම්බණ්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියයි. 28 February 2018
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජිකයන් පත් කරයි අතුරුදන් වූවන් ගැන සෙවීමට පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාජිකයන් පත් කළේය. 28 February 2018
ගාල්ලේදී නීති විරෝධි රූපලාවන්‍ය අලෙවිසලක් වටලයි ප්‍රමිතිගත රූපලාවන්‍ය නිෂ්පාදනයට සමානම අයුරින් නිෂ්පාදනය කර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ ගාල්ල මහ වීදිය ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකු සහ රුපියල් ලක්ෂ 07ක් ආසන්න වටිනාකමකින් යුතු ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන තොගයක් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. 28 February 2018
හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු නියෝගයක් නිකුත් කළේය. 28 February 2018
තඹුත්තේගම විරෝධතාවයකට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් අද (28) ගොවින් විශාල පිරිසක් තඹුත්තේගම නගරයේදි සිදුකල දැවැන්ත විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැර තිබේ. 28 February 2018
තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් යන්ත්‍ර දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන 28 February 2018
ආබාධිත දියණිය ගැන ළසොවින් පියාත් දියණියත් දිවියෙන් සමුගනිති හෝමාගම විමාන පාරේ නිවසක පදිංචිව සිටි ආබාධිත තත්වයේ පසුවන තම තෙහැවිරිදි දියණියට වස පොවා ඇයගේ පියා ද වස පානය කිරීමෙන් පසු අද (28) උදෑසන දෙදෙනාම මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 28 February 2018
නාඩු-සම්බා වී අලවි මණ්ඩලය හරහා මිලට ගනී නාඩු වී කිලෝව රුපියල් 38 බැගින් ද සම්බා හා කීරි සම්බා වී කිලෝව රුපියල් 41 බැගින් ද වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට ඇමැති මණ්ඩලය තීන්දු කර තිබේ. 28 February 2018
පොල්කටු ඇවිදිමේ ගිය දැරියක් මරුට අවිස්සාවේල්ල දෙහිඕටි බෞද්ධ ප්‍රාථමික පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන දැරියක් පොල්කටු ඇවීදිමේ ක්රියාවේ නිරත වී සිටියදී මුලින් අතට මුලින් අතට වැටී රෝහල් ගත කළ පසු මිය ගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 28 February 2018
ඇලොසියස් - පලිසේනගේ ඇප නියෝගය 9 වැනි දා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇති ප්රතිශෝධන 28 February 2018
වෙලේ සුදා නිදහස් හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට 28 February 2018
බුලත්සිංහල වෙළඳසලක ගින්නක් බුලත්සිංහල කලවැල්ලාව පාලම අසල වෙළඳසලක අද (28) අලුයම 4ට ගින්නක් හටගෙන ඇති බව අගලවත්ත පොලිසිය පවසයි. 28 February 2018
හදිසි විදුලි මිලදී ගැනීමකට කෝටි 250ක් ඉල්ලයි හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. 27 February 2018
අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 27 February 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 27 February 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය. 27 February 2018
අල්ලස් කොමිසම හිටපු ඇමැති රවීගෙන් ප්‍රශ්න කරයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. 27 February 2018
ගසක් කඩා වැටී වාහන දෙකකට අලාභ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සමඟ කොහුවල සහ පාමංකඩ අතර ජපන් ළදරු පාසල අසල විශාල ගසක් කඩා වැටී මෝටර් රථයකට හා යතුරුපැදියකට අලාභ හානි සිදු වී ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 27 February 2018
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවත්සරය ඇරඹේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ 35 වැනි සංවත්සරය සහ 74 වැනි මුලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරින් විසිර යාමේ උත්සවය අද (27) සවස කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු පාසලේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 27 February 2018
බන්ධනාගරයේ සැකකරුවකුට පොල්ලකින් පහර දුන් අයෙක්ට මරණ දඩුවම උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට එහි සිටි තවත් සැකකරුවෙකු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු විත්තිකරුවෙකුට 27 February 2018
අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ් රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී සමන් ජයතිලක බණ්ඩාර මහතා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුන්දර මහත්මිය නියෝග කළාය. 27 February 2018
අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට 2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණ ලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. 27 February 2018
දුම්කොල වගාව තහනම් කිරීමට චක්‍රලේඛයක් නෑ දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ. 27 February 2018
කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 27 February 2018
ජාතික ඉදිකිරිම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්රයේ විශිෂ්ඨ දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කර්මාන්ත 27 February 2018
දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක් දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී පත්කර ගන්නා ලදී. 27 February 2018
හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ 27 February 2018
ගෝඨාට එරෙහි අතුරු නියෝගය කල් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය. 27 February 2018
පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර ඒකාබද්ධයට විපක්ෂ නායක ධූරය ගතහැකියි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් 27 February 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026