(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ලෙස පහර දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දින දහයක් ගතව තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පසුගිය 3 වැනි දා පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ආකාරයට පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් විසින් පහර දී තිබිණි.
මෙම සිද්ධියෙන් වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා මේවන විටත් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ වෛද්‍යවරු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා මෙසේද පැවසීය.
පේරාදණිය සරසවියේ සිසුන් 12 කට පමණ කණ්ඩායමක් මෙම වෛද්‍යවරයාට අමානුෂික ආකාරයට පහරදී තිබුණා.
පසුව ඔහු සිහිසුන්ව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබුවා. දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මොළයට සහ දකුණු බාහුවට මෙම පහර දීමෙන් හානි සිදුවී තිබෙනවා.
මේක මහ අපරාධයක් මේ වෛද්‍යවරයා තමයි පළාත් තුනක රෝගීන්ගේ ස්නායු සැත්කම් කරන්නේ මෙම වෛද්‍යවරයා. මෙම පහර දීම නිසා තවත් සති තුන හතරක් ඔහුට සිය රාජකාරි සිදුකර ගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේවන විට අපි පොලිසියේ උසස් නිලධාරි දැනුවත් කලත් තවමත් පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.
එම නිසා මීට විරැද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව වෛද්‍ය විතානගේ මහතා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ මෙය නම් සිදුවිය නොහැකි සිදුවීමක්. මොකද විශ්වවිද්‍යාල සිසුන් යනු " ඉතාමත්ම නීතිගරුක , නිකරුනේ පාරවල් ගානේ රස්තියාදු නොවෙන, කිසිවෙකුට හිතකින් හෝ හිංසා නොකරන " අහිංසක දරු පිරිසක් බැවිනි.
පහර දීමට හේතුව මොකක්ද ?
සයිටම් තියෙන කාලෙනම් මේ දෙගොල්ල කිරියි පැනියි වගේ හිටියෙ.
මේක පුදුම වැඩක්නේ. පාරේ යනකොට බල්ලෙක් හපා කෑවත් වෘතීය ක්‍රියාමාර්ග.
Kamal මයා වෙත, මේවට තමයි කියන්නේ පැණි වරකාවට අලවංගුවෙන් ගහලා කියලා.
අහිංසක රෝගීන් ඇපයට නොතබා, අසරණ නොකර ඕනෑම වෘත්තීමය ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි හොඳ... රෝගී වූ වෛද්‍යවරයාට ඉක්මන් සුව පතනවා. ඔහුට සිදුවූ අසාධාරණයට විශ්ව විද්‍යාලයීය සිසුන් තුළින්ම හඬක් නැගෙත්වා...!!!
දැන් කාලයේ රජයේ විශ්වවිද්‍යාල වල ඉන්න සමහර සිසුන් හැසිරෙන්නේ දාමරිකයින් විදියටයි.
බලා ඉන්න එපා. අදම දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගය ගන්න. මොකද අර අහිංසක මිනිස්සු ඉන්නවා නේ ඕන දෙයකට ඉස්සරහට දාන්න.
සයිටම් වහන්න උදව් කරපු අන්තරේ යහළුවන්ට කියන්නකෝ සාමාජික දේවල් බාරදෙන්න කියලා
මෙම දොස්තරතුමා මොන එහෙකට හිල්ඩා ඔබේසේකර ශාලාව අස්සට ගියාද? අනුරාධපුර රෝහලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් නොකර එකනේ ගුටි කන්න සිද්ද වුනේ.. අවේලාවේ තැන නොතැන නොබලා ගමන් යන්න එපා කියලා බුදු බණෙත් කියලා තියෙනවනේ...
ඔය පහර දුන්න කියන දවස වෙනකොට පේරාදෙණිය සරසවිය වසා නොවෙයිද තිබුනේ සිසුන්ට නිවාඩු දී..
මේ වගේ මදාවියන්ව නිකන් අතාරින්න එපා. ළමයෙක් සරසවි යන්නේ හොඳට ඉගෙන ගෙන නීතිගරුක, යහපත්, බුද්ධිමත් පුරවැසියන් විදියට මේ සමාජයට එන්න. මේ වගේ මදාවි අය හින්දා තවත් ළමයි දහස් ගාණක් ඒ ගොඩටම වැටෙනවා. වෛද්‍යවරුනි, සාමාන්‍ය පුරවැසියන් විදියට අපිත් ඔබ සමග එකඟයි. මේ තීරණයේදී.... මේ වගේ අයට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න කටයුතු කරන්න.
සිසුන් නි්තියට අනුගත නොවන්නේ වගකි්ම් දරන්නන් ඒ සිදුවි්වලදි අනලස්ව ක්‍රියා නොකිරි්ම නිසාය.
මේ විකාර වැඩ මේ අයුරින් වි්මට රජය ඉඩ නොදිය යුතුය. නවකවදයේදි නීතියට අනුව කටයුතු වන්නේ නම් ඒයද මැඩලිය හැකිය. වේයන්ගොඩ නයිචල රජයේ උසස් තාක්ෂණ අායතනයේද නවකවදය තදින් සිදුවෙමින් පවති. ඒ ගැන යමක් එම අායතනය තුලින්ම සිදුනොවන බව පෙනෙන නිසා දෙමව්පියන් ගරු උසස් අධ්‍යාපන අැමතිතුමාගෙන් ඉල්ලා සිිටින්නේ ඒ සදහා වහා ඉදිරිපත්ව විමසා බලන ලෙසය