(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති.
මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන මෙම කාන්තා රැඳවියන් පිරිස ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.
බදුල්ලට මාරු කරන ලද හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත ලබා දීම,සිර කුටි මාරු කිරීම නතර කිරීම , සීමාවකින් තොරව ආහාර ගෙන ඒමට ඉඩ ලබා දීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මෙම විරෝධතාවයේ ඉල්ලීම් වේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තාවන් 300ක් පමණ පසුගියදිනවල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ අතර එම හිස් වූ වාට්ටුවලට රිමාන්ඩ් කාන්තාවන් මාරු කිරීම ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අවස්ථාවේදී බන්ධනාගාර කාන්තා නිලධාරීන් හා රැඳවියන් අතර ගැටුමක් හට ගෙන තිබුණි.
මෙම ගැටුම සංසිඳවීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට කාන්තා රැඳවියන් හූ කියා දැඩි විරෝධතාවයක් ද පළ කර තිබේ.
මේ වන විටත් කාන්තා රැඳවියන් 20ක් පමණ මාරුවෙන් මාරුවට වහලය මතට නගින අතර ඔවුන් බැස්සවීමට නොහැකිව ඇත.තත්ත්වය පාලනය කිරීම සඳහා බොරැල්ල පොලිසියෙන් කණ්ඩායමක් යොදවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මේක මාර වැඩක්නේ. හිට්ලර් ආවානම් හරි මේ වෙලාවට.
නලවන්නේ නැතුව දඩුවම් කරන්න… නිකම්ම පහලට එයි.
අපරාදෙනේ කුඩු ගැන් එකේ ජේලර් මාරු කරන්න තිබුණේ හිර ගෙදරටම තමා. නිල ඇඳුම ගලවා ජම්පරය ( පින්තුර වල තියන පරිදි සාමාන්‍ය ඇඳුම් නොවේ - නියම බන්ධනාගාර ඇඳුම් ) ඇඳුවානම් නියමෙට විරෝදතා මෙහෙයවයි. මත් ද්‍රව්‍ය නාශක අංශය සහ අල්ලස් කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධරුවනි වහාම විශේෂ පරීක්ෂණ අරඹා උඩ සිට පහලට සුද්ධ කරන්න.
දොස්තරලා ස්ට්‍රයික් කලොත් ලෙඩ්ඩු අම්මරුවේ. දුම්රිය සේවකයො ස්ට්‍රයික් කලොත් මගීන් අමාරුවේ. ගුරුවරු ස්ට්‍රයික් කලොත් සිසුන් අම්මරුවේ ... ඒත් මේගොල්ල ස්ට්‍රයික් කලොත් .... කාටවත් පාඩුවක් නෑ ... ඇතිවෙනකම් වහලෙ උඩට වෙලා ඉන්න කියන්න, ඉස්සරහට වැහිකාලෙත් එනවනෙ ..
ඔය ඉල්ලීම හතරෙන් පළමු තුන කෙලින්ම ප්‍රතික්ෂේප කල යුතුයි. හැබැයි, නඩු ප්‍රමාද නොකළ යුතුය කියන ඉල්ලීම ඉතාම සාධාරණයි. අවුරුදු 20-30 ගිහින් දඬුවන් දෙන අවස්ථා අපි පුවත්පත් වලින් දකිනවා.
මේ විස්ස විසිපාෙලකට යවන්න
මරු ඉල්ලීම්නේ තියෙන්නේ " සිමාවකින් තොරව ආහාර බන්ධනාගාරය ඇතුලට ගෙන එන්න ඉඩ ලබා දීම "ඇතුලේ කට්ටිය එකතුවෙලා දන්සැලක් පටන් අරන් වගේ.