(නිමල කොඩිතුවක්කු)
බන්ධනාගාර තුළ සිදුවන අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයට හෙට (14) සංදේශයක් භාර දෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවැසීය.
දිගින් දිගටම බන්ධනාගාර රැඳවියන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.
බන්ධනාගාර රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම බන්ධනාගාර රැඳවියන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර පාන, ඉඩ පහසුකම් නොලැබීම ආදී ගැටලූ සම්බන්ධයෙන් මෙම සංදේශය මගින් කරුණු දැනුවත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවන්ද මිනිස්සු වුවත් ඔවුන් සිරකරුවන්ව ඇත්තේ සමාජ විරෝධී ක්‍රියාවල යෙදුණු නිසාය. ඔවුන්ට සිවිල් සමාජයේ වැසියන්ට හිමි වරප්‍රසාද නිදහස් වනතුරු අහිමි වෙනවා. මෙවැනි ක්‍රියා කරන කමිටු කරන්නේ සමාජ විරෝධීන් දිරිගැන්වීමක්. එ් නිසා කොටි සංවිධානය මෙන් මෙම සංවිධානයත් තහනම් කළයුතුය.
බන්ධනාගාරය යනු තරු හතේ හෝටලයක් නොවන බව දැනගත්තොත් හොඳයි. විනිසුරුවරයකු එතුමා හමුවට පමුණුවන සියලුදෙනාම බන්ධනාගාරගත කරන්නේ නැහැ. පොදු යහපත් ශිෂ්ඨාචාර සමාජ විරෝධී යමක් සිදුවී ඇතැයි සාධාරණ නිගමනයකට එළඹුනොත් පමණයි බන්ධනාගාර ගත කරන්නේ...
රටක ආණ්ඩුවක වගකීම හෝ යුතුකම වන්නේ රටේ යහපැවැත්මට බාධකයක් වූ නීතියට පටහැනි හා සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අපරාධකරුවන්ගේ සුභ සාධනයට ප්‍රමුඛත්වය දීමද තමන්ට හිඳින්නට නිවසක් හෝ නැති වේල පිරිමහගන්න ආදායම් මාර්ගයක් නැති අවම පහසුකම් නොමැති ජීවත්වන අවිහිංසක ජනයාගේ සුභසාධනය වෙනුවෙන් මැදිහත් වීමද යන්න මේ ඩොලර් මත යැපෙන බටහිර රටවල වුවමනා එපාකම් වෙනුවෙන් පෙනි සිටින එන්.ජී.ඕ. මූදලාලිලාට නොවැටහෙන්නත් බහුතරයක් ලාංකිය ජනතාව තම බදු මුදලින් අපරාධකරුවන් නඩත්තු කීරීමට තරයේම විරුද්ධ බව සිරකරුවන් උසිගන්වා තම ව්‍යාපෘති සඳහා ඩොලර් ලබා ගැනීමට මාන බලන මේ හිඟන නඩය අවබෝධකර ගත යුතුයි.
මෙසේ සිරගතවුවන් නිසා අගතියට පත්වූ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන හෝ ඒ පිළිබඳව කතා කිරීමටවත් කිසිඳු සංවිධානයක් නැහැ. නමුත් සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරතවුණු සහ මෙසේ සිරගත වූ සිරකරුවන් වෙනුවෙන් පමණක් කතා කිරීමට විලි ලැජ්ජාවක් නැද්ද?
මොවුන් සිරගත වෙලා තියෙන්නේ උදේ හවස පිරිත් අහල නෙවෙයි නේ. කිසිම තීරණයක් ආපස්සට ගන්න එපා, මරණ දඬුවම ඇතුළු අනිත් සියලු දඬුවම් දෙන්න.
මෙම කමිටුවේ සාමාජිකයින් ගැන හොඳ විවරණයක් තිබ්බා..... තස්ත්‍රවාදීන්ට උපකාර කළ බවට පිළිගෙන අත්සිටවූ සිරදඬුවම් ලබන්නෙක්. එන්ජීඕ මුදල් වලින් යැපෙන්නෙක් බව කියවෙනවා