(තිළිණි ද සිල්වා)
යාල ජාතික වනෝද්‍යානයේ එක කලාපයක් ඉදිරි මාස දෙකක කාලය තුළ වසා තබන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටීයි.
ඒ අනුව සැප්තැම්බර් පළමු වැනි දා සිට ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.
වනෝද්‍යානයේ එම කලාපය එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, එහි පවතින සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සඳහාය.
කලාප අංක එක වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සංචාරකයින් සඳහා විවෘතව පවතින බව ද වනජීවී දෙපාර්තමේන්තුව කීය.
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ වන සතුන්ටත් නිවාඩු දෙනවා කියලා.