එෆ්.අස්ලම්
උතුරු පළාතේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වයට හොඳම සහ පැහැදිලිම විසඳුම සමස්ථ අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් නම් කර දිව්රුම් දීම යැයි එම පළාතේ ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
අමාත්‍යවරුන් පත්කිරීමට හෝ ඉවත් කිරීමට තමාට ප්‍රතිපාදන නැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරුන් නම් කිරීම හා පත්කිරීමේ බලතල ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට බවත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තමන් වෙත කඩිනමින් මෙම ගැටලුවට විසදුම් ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම සදහන් කළේය.
‘උතුරු පළාත් සභාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සංයුතිය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. හිටපු අමාත්‍ය පී.ටෙනීස්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් වෙනුවෙන් ලබාදී ඇති අභායාචනාධිකරණ තීන්දුව අනුව ටෙනීස්වරන් මහතාගේ අමාත්‍ය ධූරය සක්‍රීය කරන ලෙස ලබා දී ඇති අධිකරණ නියෝගය සමගින් අද වනවිට උතුරු පළාත් සභාවට අමාත්‍යවරුන් 06 දෙනෙකු සිටිනවා.
අද වනවිට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට රැස්වී පළාත් සභාවේ පරිපාලනයට අදාල නීති රීති ප්‍රතිපත්ති සැකසීමට පුළුවන් කමක් නැහැ.එයට හේතුවී තිබෙන්නේ අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව ඩෙනීෂ්වරන් මහතාට සිය අමාත්‍යංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසන ලෙස දුන් නියෝගය ක්‍රියාත්මක් කිරීමයි.
මේ සදහා ගතයුතු හොදම පැහැදිලිම විසදුම පළාත් සභාවේ සියළු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී නව අමාත්‍ය මා වෙත නම් කර දිව්රුම් දීමයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතක ප්‍රධාන ඇමතිවරයා විසින් තමයි අමාත්‍යවරුන් නම් කළ යුත්තේත් පත්කළ යුත්තේත්.කිසිම අමාත්‍යවරයෙකු පත්කිරීම හෝ ඉවත් කිරිම සදහා මා වෙත ප්‍රතිපාදන නැහැ.ඒ අනුව ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම ගැටලුවට විසදුම් කඩිනමින් මා වෙත ඉදිරිපත් කළ යුතුයි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මහා ඇමැතිවරයා වූ දවසේ ඉඳලා හැමදාම උතුරු පළාත් සභාවේ ප්‍රශ්න... දැන් බලාගෙන ගියාම මෙයාව පළාත් සභාවක මහාඇමති තනතුරට නොවේ... ගමේ මරණාධාර සමිතියේ සභාපති තනතුර දරන්නවත් සුදුසු අයෙක් නොවේ.
ඔය පළාත් සබා වලින් රටට උන සේවයක් නැත. සිදු උනේ බඩගෝස්තරය සොයා ගැනීම පමණි. එමනිසා රටේ උන්නතිය සඳහා පළාත් සබා නැතිකර දමන්න.