දිල්රුක්ෂි ග්‍රේරු සහ රංජන් කස්තුරි
ගම්පහ විභාග මධ්‍යස්ථානයක අපේක්ෂකයකු විභාගය අතරතුර දුරකතනයක් භාවිත කරද්දී සොයා ගත් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඒ සම්බන්ධයෙන් සෙසු අපේක්ෂකයන් පැමිණිලි කිරීමෙන් පසු එම සිසුවාගේ දුරකතනය විභාග ශාලාධිපති භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය යටපත් කිරීමට විවිධ බලපෑම් පැමිණෙන බවත්, විභාග ශාලාධිපති එය ඉහළට වාර්තා කර ඇත්තේ ප්‍රමාධ වී බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ නීතිවිරෝධී වැඩ කරන ශිෂ්‍යන්ට දැඩි දඬුවම් දෙන්න ඕන.
විභාගවලට දින ගණනක් පෙර සිට ගුවන් විදුලියෙනුත්, පුවත්පත් මගිනුත් නොකඩවා ජනතාව දැනුවත් කරා, විභාග ශාලාවලට ජංගම දුරකථන වගේ ඉලෙක්ට්‍රොනික් මෙවලම් ගැනීම තහනම් බව. මේ පුවතින් පෙනෙන පරිදි මෙය සිය බල පුළුවන්කාරකම පෙන්වීම සඳහා මොළේ කළදක්වත් නැති කෙනෙකුගේ වැඩකි. මේ ක්‍රියාව, කලට වෙලාවට පොලිසියට හෝ විභාග අධිකාරීන්ට පැමිණිලි නොකිරීමෙන් විභාග ශාලාධිපතිවරයාත් මේ සිද්ධියට සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතු වෙනවා. ශාලාවට ඇතුල්වන දොරටුවේ හිටපු දොරටු පාලයාත් සිය රාජකාරිය "නියමෙට ඉටුකර තිබෙන බව " පේනවා....
නැගෙනහිර පළාතේ පාසලක ගුරුවරයෙක් ප්‍රශ්නවලට උත්තර කළු ලෑල්ලේ ලියා පෙන්වනබව සඳහන් පුවතක් මාධ්‍යජාලවල ගියා කරුණාකර ඒ ගැනත් හොයාබලන්න. සමස්තයක් වශයෙන් අනිත් පලාත්වල සිසුන්ට කරන අසාධාරනයක් ඒක.